Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

කේට් කුමරිය තෙවැනි දරු ප්‍රසූතියට සුදානම් වෙද්දී ප්‍රංශ සඟරාවකට යුරෝ 100,000ක දඩයක්

බ්‍රිතාන්‍යයේ කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප පළ කිරීම හේතුවෙන් ඇයටත් බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුටත් සිදු වූ හානිය වෙනුවෙන් යුරෝ 100,000ක මුදලක් ගෙවන්නැයි ප්‍රංශ අධිකරණයක් ප්‍රංශ ප්‍රකට සඟරාවකට අද (05) නියෝග කරනු ලැබුවා.

‘ක්ලෝසර්’ නැමැති ප්‍රංශ සඟරාවක් ඒ අයුරින් කේට් කුමරියගේ ඡායාරූප පළ කර තිබූ අතර අදාළ නියෝගය දෙමින් සඟරාවේ කතෘ සහ හිමිකරු යුරෝ 45,000ක උපරිමයකට යටත්ව දඩ මුදල් ගෙවිය යුතු බව තීන්දුව ලබාදුන් ප්‍රංශ අධිකරණය නියෝග කළා.

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ බෑණා කෙනකුට අයත් මාලිගයක පිහිනුම් තටාකයේ සිටියදී දීර්ඝ කාච සහිත කැමරාවකින් කේට් කුමරියගේ ඡායාරූප ගෙන තිබෙනවා.

විලියම් කුමරු නඩු තීන්දුව දුන් ප්‍රංශ අධිකරණයට ලිපියක් යොමු කර තිබූ අතර මෙම සිදුවීම මීට වසර 20කට පෙර පැපරාසීන් තම මව, ඩයනා කුමරිය ලුහුබැඳි අයුරු සිහිපත් වන බව ද සඳහන් කර තිබු බව වාර්තා වනවා.

මේ අතර කේට් කුමරිය සිය තෙවැනි දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් සිටින අතර අලුත උපදින රාජකීය දරුවා පස්වැනියට බ්‍රිතාන්‍ය කිරුළ දැරීමට හිමිකම් කියන්නා වනවා.

කේට් කුමරියගේ ස්වාමිපුරුෂයා වන විලියම් කුමරු මීළඟ බ්‍රිතාන්‍යය රජු වීමට නියමිතයි.

දෙවැනි එළිසබෙත් රැජිනගේ වැඩිමහල් පුතු වන චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ කිරුළේ පළමු උරුමක්කරු වුවද ඔහු රජකම භාර නොගනු ඇති බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

The post කේට් කුමරිය තෙවැනි දරු ප්‍රසූතියට සුදානම් වෙද්දී ප්‍රංශ සඟරාවකට යුරෝ 100,000ක දඩයක් appeared first on CNEWS.LK News.



This post first appeared on C News, please read the originial post: here

Share the post

කේට් කුමරිය තෙවැනි දරු ප්‍රසූතියට සුදානම් වෙද්දී ප්‍රංශ සඟරාවකට යුරෝ 100,000ක දඩයක්

×

Subscribe to C News

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×