Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

නිරූපනය කියලා නොගැලපෙන දේ බාරගන්නේ නැහැ-PHOTOS

ඔබේ රුවින් මා සැනසුන හින්දද ඔබේ සිතින් මා රිදවන්නේ ” මේ ගීතය අතුල ශ්‍රී ගමගේ ගායනා කරන නවතම ගීතයයි. මෙම ගීතයේ රූප රචනාව පසුගිය දිනක C TUNES ආයතනය මගින් රූ ගත කරනු ලැබුවා. එහි රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ මෝස්තර නිරුපන ශිල්පීනියක් ලෙස ශෙත්‍රයේ නියලෙන කාන්චනා කාන්. 

ඇයගේ රංගන දිවිය ගැන කතා බහා කරන්නයි C NEWS අපි මේ සුදානම.

* කාන්චනා නිරූපිකාවක් වෙන්න හිතුවේ ඇයි ?

මම නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කරන කාලයේ මෝස්තර නිරුපන ශෙත්‍රයේ පිරිසක් මටම හමුවුනා.ඔවුන්ගේ දක්ෂතා දැක්කහම මටත් හිතුනා නිරුපණය ශෙත්‍රයට පිවිසෙන්න නමුත් මෝස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කරන අතර වාරයේ මම නිරූපණය පිලිබදව බ්‍රෙන්ඩා ම්ස් යටතේ අවුරුදු දෙකක් හැදෑරීමක් කලා.ඒ අනුව තමයි ශෙත්‍රයේ වැඩ වලට පිවිසුනේ

* ඔබ වෘත්තිය නිරූපිකාවක් ද?

මම වෘත්තිය නීරූපිකාවක් නම් නෙමෙයි.මොකද මම් මේ ශෙත්‍රයට ගොඩාක් ආදරෙයි.අන්න ඒ නිසා ගොඩාක් කැපවිමේන් අශාවෙන් ශෙත්‍රයේ නියැලෙනවා.මගේ වෘත්තිය ලෙස නිමි ඇදුම් ව්‍යාපාරයක් කුඩාවට පවත්වාගෙන යනවා.

* කාන්චනා වෘත්තිය නිරූපිකාවක් නොවන්නේ ඇයි ?

මම වෘත්තිය නිරුපිකාවක් නොවන්නේ ජිවත් වීම සදහා මට ව්‍යාපාරයක් තිබෙන නිසා. ඒ වගේම මම ප්‍රතිපත්ති ගරුකයි. නිරුපනය කියලා නොගැලපෙන දේ මම බාරගන්නේ නැහැ .ඒ වගේම මම වෘත්තිය ගරුත්වය වෙනුවෙන් නිරුපනය හැල්ලුවට ලක්කරන්නේත් නැහැ. අන්න ඒ නිසා මම නිරුපණයට මුදලක් අයකරනවා.නමුත් වැඩ නැහැයි කියලා මගේ ප්‍රතිපත්ති කිසිදිනක පාවලා දෙන්නේ නැහැ.අන්න ඒ නිසයි මම වෘත්තියක් ලෙස නිරුපනය තෝරා නොගත්තේ.

* කාන්චනාට අමතක නොවන දවසක් මතකද?

ඔව් 2009 වර්ශයේ මම මිස් ශ්‍රි ලංකා තරගයේ මිස් කුයින් කිරුළ ලබා ගනිමින් ප්‍රථම ස්ථානය දිනාගත්තා අන්න ඒ සුන්දර දවස මට කවදාවත් අමතක කරන්න බැහැ

* ලංකාවේ නිරූපිකාවන්ට තැනක් තියෙනවා ද?

ඒකනම් සන්කිර්න ප්‍රශ්නයක් තමයි.නමුත් ඉස්සරට වඩා දැන් ශෙත්‍රයේ පිබිදීමක් තියෙනවා.වර්තමානයේ එන හැම නිරූපිකාවක් වගේම නිරූපන ශෙත්‍රය පිලිබදව හදාරලා දැනුමක් ලබාගෙනයි එන්නේ අන්න ඒක හොද ප්‍රවනතාවයක්.ඒ වගේම සමහර අය කරන වැඩ නිසා නිරූපිකාවකට තියෙන තැන නැතිවෙලා තියෙනවා.හැම දෙයකම දෙපැත්තක් තියෙනවා ඒ අනුව මේ ශෙත්‍රය තුලත් හොද වගේම නරකත් තියෙනවා.

* නිරූපන ශිල්පින් දිහා සමාජය බලන්නේ වපර අැහින් නේද?

එහෙම බලන කොටසකුත් ඉන්නවා තමයි.නමුත් නිරූපන ශෙත්‍රය ගැන අවබෝදයක් තියෙන අයනම් එහේම බලන්නේ නැහැ .එක්කෙනෙක් දෙන්නෙක් වැරදි කලාට සමස්ත පිරිසම දිහා එහේම බලන එක නම් වැරදියි.
* කාංචනා රංගනයට පිවිසුනේ කොහොමද ?

මට රංගනහැකියාව තියෙනවා කියලා මම දන්නවා. අන්න ඒ නිසා මං රංගනය පිලිබදව ජාතික තරුනසේවා සභාවේ ප්‍රවිනයන් යටතේ හැදෑරුවා. ඒ තුලින් ප්‍රගුන කල හැකියාව නාටය හා චිත්‍රපට තුලින් විතරක් නෙමෙයි මියුසික් විඩියෝ වලින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් තමයි හිටියේ.ඒ අනුව මම C TUNES ආයතනයෙන් නිෂ්පාදනය කළ නවක ගයන ශිල්පිනියකගේ “රිදුනු හිත හදාගන්න “ගීතයේ මියුසික් විඩියෝවේන් තමයි රංගනයට පිවිසුනේ .

* මේ දවස්වල රූගත වන මියුසික් විඩියෝවේන් කාංචනාගේ රංගන දිවියේ පෙරලියක් ඇති වෙයිද ?

ඔව් ඇත්තටම මගේ පළමු මියුසික් විඩියෝවේන් පසුව C TUNES ආයතනයෙන් මට ආරාධනා කළා ඔවුන්ගේ ඊලග මියුසික් විඩියෝවටත්.

මේ ගීතය හරහා මමත් හිතනවා යම්තාක් දුරට රසික රසිකාවියන් අතරට යන්න පුළුවන් වෙයි කියලා.මොකද අතුල ශ්‍රී ගමගේ ගායන ශිල්පියා ගායනා කරන “ඔබේ රුවින් මා සැනසුන හින්දද ඔබේ සිතින් මා රිදවන්නේ” ගී තය. ඔහුගේ ගීත අතරින් බොහෝ කාලයකින් රසිකයන්ට තිලින වන ගී තයක් නිසා. අන්න ඒ නිසා හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. රංගන දිවියේ දුරක් යන්න පුළුවන් වෙයි කියලා

* කාන්චනාගේ ඉදිරි වැඩ කටයුතු මොනවාද?

තවත් මියුසික් විඩියෝ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.ඒ අතරින් අයෝමි පෙරේරා හා ජගත් වික්‍රමසිංහ ගායනා කරන ලස්සන ගීතයකුත් තියෙනවා. ඒත් එක්කම ටෙලිනාට්‍යකටත් ආරාධනා ලැබිලා තියෙනවා.තවත් නව නිර්මණ වලින් ඉදිරියේදී දකින්නට පුළුවන් කම ලැබෙයි.

මියුසික් විඩියෝවේ චායාරූප

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

The post නිරූපනය කියලා නොගැලපෙන දේ බාරගන්නේ නැහැ-PHOTOS appeared first on CNEWS.LK News.

This post first appeared on C News, please read the originial post: here

Share the post

නිරූපනය කියලා නොගැලපෙන දේ බාරගන්නේ නැහැ-PHOTOS

×

Subscribe to C News

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×