Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ලංකාවට ණය දීම හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකන්නේ නෑ! IMF ප්‍රධානියාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී ජපානය, ඉන්දියාව සහ චීනය යන මෙරට ණය හිමි ප්‍රධාන රටවල් තුනෙහි සහභාගීත්වයක් කඩිනමින් සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) පවසනවා. ණය අර්බුදයට ලක්වූ රටක් වශයෙන් ශ්‍රී ලංකාව අද මුහුණ දෙන තත්ත්වය පිළිබඳව ගෝලීය සංවර්ධනය සඳහා වූ මධ්‍යස්ථානය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී යි ඇය මේ බව පැවසුවේ. 
“ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැලකූවිට ප්‍රධාන ණය හිමි රටවල් තුනක් සිටිනවා. ජපානය, ඉන්දියාව සහ චීනය ඒ රටවල්. අපි දැඩි අපේක්ෂාවකින් පසුවනවා එම පාර්ශ්වයන්ගේ සහභාගීත්වයක් කඩිනමින් සිදුවේවි කියලා. ඉන්පසු අනෙකුත් පරාමිතීන් සැලකිල්ලට ගන්න සිදුවනවා. ඒ පෞද්ගලික අංශයත් ඊට එක්කරගනිමින්.

පොදු කාරණාවක් තමයි අපි මෙම ප්‍රශ්නය පිළිබඳ කටයුතු කරද්දි එය හදිසි අවශ්‍යතාවයක් ලෙස පිළිනොගන්නා බව. අප දන්නවා කුමක් කළ යුතුද කියා. පළමුවැන්න ඔබට ණය පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍යයි. අපට කොටසක් නොව මුළු ගැටලුවම දැකීම අවශ්‍යයි. දෙවැන්න සියලුම ණය හිමියන්ට සමාන සැලකීමක් අවශ්‍යයි. තුන්වනුව සියලු ණය හිමියන් එක්කරන සංවිධානාත්මක සැලැස්මක් අවශ්‍යයි. සිව්වනුව අපට එම රටවලින් දේශපාලන අභිලාෂයක් අවශ්‍යවනවා. ඒ ණය හිමියන් සමඟ මෙන්ම අප සමඟත් අනෙකුත් සංවිධානත් සමඟ සමාන අන්දමින් කටයුතු කිරීමට” ඇය සඳහන් කරනවා.




This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

ලංකාවට ණය දීම හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකන්නේ නෑ! IMF ප්‍රධානියාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×