Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

දින ගණනාවක් ලොරි වල නැඟ රට වටේම ගිය කාන්තාව අල්ලයි - (video)

තා අනාරක්ෂිත ලෙස ඇදීරිනීතිය අවස්ථාවේදී දිවා රාත්‍රී දෙකෙහිම නගරවල සැරිසරමින් ලොරි රථවල නැග විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් සිටින ගැබිනි කාන්තාවක් 08 දින දහවල් දඹුල්ල නගරයේදී අල්ලා  රෝහල් ගත කිරීමට දඹුල්ල පොලිසිය පියවර ගනු ලැබීය. පසුගියදා කන්තලේ ප්‍රදේශයේදී ද මේ ආකාරයෙන්ම ලොරි වල නැඟ විවිධ ස්ථානවලට යන කාන්තාවක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම කාන්තාව ද අත්‍යවශ්‍ය සේවාවන්  සඳහා ගමන් කරන ලොරි රථවලට නැඟ විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. ඒ අනුව දඹුල්ල නගරයේදී දඹුල්ල පොලීසියේ නිලධාරීන් මෙම කාන්තාව පාගමනින් ගමන් කරමින් සිටියදී අල්ලාගනු ලැබීය.

විවිධ ප්‍රදේශවලට අනාරක්ෂිත ලෙස ගමන් කරන මෙම කාන්තාව ඉතා ආරක්ෂිතව 1990 ගිලන් රථය ගෙනවා  දඹුල්ල රෝහලට රැගෙන යෑමට අවශ්ය පියවර දඹුල්ල පොලිසිය විසින් ගනු ලැබීය.

මෙම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේ දී කියා සිටියේ ඇයට හැඳුනුම්පතක් නොමැති බවත් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියක බවය.

මෙම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේ දී කියා සිටියේ ඇය ලොරි රථ වල ගමන් කරන බවත් තවත්  කාන්තාවන් පිරිසක් ද මේ ආකාරයෙන් අත්‍යවශ්‍ය ලාංඡන යටතේ ගමන් කරන ලොරිවල නැඟ යන බවය.

කෙසේ වෙතත් මෙම කාන්තාව එක ලොරියක පමණක් ගිය බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

කෙසේ වෙතත් ජනතාවගේ ආරක්ෂාව උදෙසා මෙම කාන්තාව ද දැඩි ආරක්ෂිතව දඹුල්ල රෝහලට  ඇතුලත් කිරීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළේය.

දඹුල්ල කේ.කේ .ආරියදාස




This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

දින ගණනාවක් ලොරි වල නැඟ රට වටේම ගිය කාන්තාව අල්ලයි - (video)

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×