Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

LTTE නායකයා එක්ක හුවමාරු කරගත් ලියුම් ඉදිරියේදි ප්‍රසිද්ධ කරනවා - චන්ද්‍රිකා

තමන් ජනාධිපති වීමෙන් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග සාමය වෙනුවෙන් ලිපි 42 ක් හුවමාරු කරගත් බවටත් ඉදිරියේදී එම ලිපි ප්‍රසිද්ධියට පත් කිරීමට තමන් සූදානමින් සිටින බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

හිටපු ජනාධිපතිතුමිය මේ බව පවසා සිටියේ පෙරේදා (11) දින යාපනය පැවති ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිතුමිය,

"මම ජනාධිපති වෙලා මාස කිහිපයකට පස්සේ අපි මාස 08ක් එල්.ටී.ටී.ඊය සමග සාම සාකච්ඡා කරගෙන ගියා යුද්දේ නවත්තලා මේ ප්‍රශ්න කොහොමද විසඳන්නේ කියලා බලන්න. නමුත් මාස අටකට පස්සේ එල්.ටී.ටී.ඊය ආයේ යුද්දෙකට ගියා ඒ අතරෙත් යුද්ධ කරද්දිත් සාම සාකච්ඡා වෙලාවේදී මම එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් මහතාට ලිව්වා ලියුම් 42ක්. එයයි මමයි හුවමාරු කරගත්තා ඒ ලියුම් මම ගාව තියනවා. අපි ඒවා ප්‍රකාශයට පත් කරනවා.

එතනදි මම කිව්වා යුද්දෙ කරන්න ඕන නම් ඔයා යුද්දෙ කරන්න. එතකොට අපිත් ඔයාට විරුද්ධව යුද්දේ කරනවා. නමුත් මේ අහිංසක දෙමළ ජනතාවට ඒ අයගේ සියලු දේ විනාශ වෙලා තියෙන්නේ නැවත වතාවක් අපිට සංවර්ධනය කරන්න ඔයගොල්ලන් එකඟ වෙනවද කියලා. එතකොට අපේ නිලධාරීන් එවලා ඔයගොල්ලන් එක්කත් එල්.ටී.ටී.ඊයත් එක්කත් සාකච්ඡා කරලා ජනතාවගේ ගෙවල් හදලා දෙන්න, ඒ අයට වතුර ලබා දෙන්න , ආහාර ලබා දෙන්න පුළුවන් තරම් රැකියා ලබා දෙන්න, කෘෂිකර්මය නැවත පටන් ගන්න වැව් ආදිය හදල දෙන්න. ඒ වෙලාවේ අපි යාපනය නිදහස් කරලා ඉවරයි ඔයගොල්ල එකඟ වෙනවද කියලා කෙලින්ම ප්‍රභාකරන් මහත්මයා කව්වේ එකඟ නැහැ ඔයගොල්ලන් මුකුත් කරන්න එපා කිව්වා. කවදහරි කරනවනම් කරන්නේ මම විතරයි කිව්වා. ඊට පස්සේ අපි 1995 දෙසැම්බර් මාසේ යාපනය නිදහස් කරගත්තා. ඊට පස්සේ අපි ටිකටික යාපනය ඇතුලු ප්‍රදේශ සංවර්ධනය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ එල්.ටී.ටී.ඊයටත් ඒක තේරිලා ජනතාවටත් මේක අවශ්‍යයි කියලා . ඒ ගොල්ලත් විරුද්ධ වෙන්තැතුව අපිට කරන්න දුන්නා.

එදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් එකපැත්තක ඉන්නවා. සාමාන්‍ය අහිංසක ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ගරු කරන දෙමළ ජනතාව තව පැත්තක ඉන්නවා කියලා මම හැම වෙලාවෙම කල්පනා කෙරුවා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමග අහිංසක දෙමළ ජනතාව අපි කවදාවත් කලවම් කරගත්තේ නැහැ. ඒ නිසා තමයි එල්.ටී.ටී.ඊය යුද්ධ කරන්න ඕන කිව්වා. මම සාම සාකච්ඡා කරන්න ඕන කිව්වා. සාම සාකච්ඡා වලට පයින් ගහලා අවුරුද්දකට පස්සේ ආයෙත් යුද්දෙ කරන්න ඕන කිව්වා . එතකොට රජයක් හැටියට අපිට නිකම් ඉන්න බැහැ. යුද්දෙට එනකොට ඒ කෙනා එක්ක අපි යුද්ද කරන්න ඕන. නමුත් මම පුළුවන් තරම් පෞද්ගලිකව සතියේ එක දවසක් සම්පූර්ණයෙන් හමුදාවේ නායකයින් සමග සාකච්ඡා කරලා ජනාධිපති හැටියට මෙහෙ කෙරෙන හැම මෙහෙයුමක් ගැනම සාකච්ඡා කරමින් එල්.ටී.ටී.ඊ නොවන අයට කිසිම කරදරයක් කරන්න එපා කියලා උපදෙස් දීලා පුළුවන් තරම් හානිය අඩු කෙරුවා".


This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

LTTE නායකයා එක්ක හුවමාරු කරගත් ලියුම් ඉදිරියේදි ප්‍රසිද්ධ කරනවා - චන්ද්‍රිකා

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×