Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

kumara welgama

දා නෙලුම්  කුලුණ, නෙලුම් පොකුණ හැදුවා. මේ සියල්ල හැදුවේ ශ්‍රී.ල.නි.ප නැති කරන්න කියලා එදා අපිට තේරැනේ නැහැ හිටපු  කැබිනට් අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.

     ඒ මහතා මෙසේ පැවසූයේ නිදහස්, නිවහල් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කුරුණෑග, සමුළුව අමතමින් 12 දා  රාත්‍රියේ කුරුණෑගල දී පැවැති ඒ අවස්ථාවේදී  කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.


    අපි හැමෝම දේශපාලනට අත්පොත් තැබුවේ චන්ද්‍රිකා මැතිනිය. ඩි. එස් ආරම්භ කල එජාප යටත් රනිල් ආවා.ශ්‍රී.ල.නි.ප ත් එහෙමයි.මේ පක්ෂ ක්‍රමය එහෙමයි. පවුල් වාදයක් තියෙන්න බැහැ මොකද එංගලන්තයේ රජ පවුල් වල අය මෙහේ නැහැ. එදා නෙලුම්  කුලුණ. නෙලුම් පොකුණ හැදුවා. මේ සියල්ල හැදුවේ .ශ්‍රී.ල.නි.ප නැති කරන්න කියලා එදා අපිට තේරැනේ නැහැ.

අපේ මහලේකම් ටත් අවශ්‍ය .ශ්‍රී.ල.නි.ප නැත්තටම නැති කරලා දාන්න. නමුත් අපට අවශ්‍යයි .ශ්‍රී.ල.නි.ප ආරක්ෂා කර ගන්න.

දැන් බලන්න ඔය පොහොට්ටුව මහින්දගෙන් පස්සේ කවුද ගෙනියන්නේ. ⁣බැසිල් අදටත් ඇමරිකානු පුරවැසියෙක්. එයාලාට 16වෙනිදා පැරදුනොත් එයාලාට යන්න රටක් තියෙනවා.

මේ ණය ගෙවන්න  නම් උගත් තරැණ කණ්ඩායමක් සිට්ය යුතුයි. එක්තරා නායකයෙක් ඉන්නවා කිසිම ප්‍රශ්නයකට උත්තර දෙන්න බැහැ. ඇගිල්ල දික් කරනවා ඉන්න කෙනාට. මොකද දේශපාලන දැණුමක් නැහැ. මොකද එතුමා ප්‍රාදේශීය සභාවකට වත් ගිහින් නැහැ.

දින 52 මමයි සජිතුයි එදා බලාගෙන හිටියා කතානායක පුටුව උඩගහගන්නවා. සරම් උඩ යනවාල මිරිස් කුඩු ගේනවා. පඩි දෙකක් බැහැලා මෙයාලා බදාගන්නා මචං වැදුනද අහනවා. මේකයි තත්වය. මෙයාලා දෙගොල්ලම යාලුයි. මම නම් පොහොට්ටුවට චන්දය දෙන්නේ නැහැ. ඒ වගේම වයසක කෙනෙක් ට චන්දය දෙන්නෙත් නැහැ යැයි  වෙල්ගම මහතා වැඩිදුරටත් පැවසීය.

පොල්ගහවෙල- ඩිමේෂ් අධිකාරී


This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

kumara welgama

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×