Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

massanne vijitha thero

තුරුගිරිය ගල්පොත්ත ශ්‍රී ධර්ම විචිත්‍රාරාම විහාරාධිපති  මස්සැන්නේ විජිත හිමියන් නාදුනන පුද්ගලයන් සිවුදෙනකු විසින් පසුගිය 10 දා දහවල් උපක්‍රමශීලීව වෑන් රථයකට නංවාගෙන පැහැරගෙන යාමට උත්සාහ කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යයි.

විජිත හිමියන් බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පැවැසීය.

විහාරාධිපති හිමියන් පැහැරගෙන යාමට පැමිණි සිවුදෙනා ළහ තවත් හිමිවරුන් තිදෙනකුගේ ඡායාරූප ද තිබී ඇති අතර  එම ඡායාරූප ද පොලිස් බාරයට ගෙන ඇත.

ශ්‍රී ධර්ම විචිත්‍රාරාම විහාරස්ථානයට 10 දා උදේ වෑන් රථයකින් නාඳුනන පුද්ගලයන් සිවුදෙනකු පැමිණ විජිත හිමියන් බැහැදැක ඇති අතර හෝමාගම රෝහලේ මරණීය ප්‍රතිකාර ලබන තම මවට පිරිත් කියා පිරීත් නූලක් ගැට ගැසීමට එන ලෙස ඒ සිවුදෙනා අතරින් කෙනෙක් විජිත හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පොලිසිය කියයි.

විජිත හිමියන් ඒ සඳහා සුදානම් වීමට විහාරය තුළට ගිය අවස්ථාවේ, විහාරස්ථානයේ වැඩවාසය කරන විහාරස්ථානයෙන් පිටතට වැඩම කර සිටි හිමිනමක් දුරකතන ඇමතුමක් ලබාදී තිබේ.

වෑන් රථයකින් පැමිණි නාඳුනන සැකකටයුතු සිවුදෙනකු විහාරස්ථානයට නුදුරින් පිහිටි වේළඳසලකින් විජිත හිමියන්ගේ ඡායාරූපය පෙන්වා විස්තර විමසූ බවට ඇමතුම ලබාදුන් හිමිනම පවසා ඇතැයි පොලිසිය කියයි.

වෙළෙඳසල් හිමියන් මේ බව තමාට දුරකතන ඇමතුමක් ලබාදී දැනුම් දුන් බවට ද විජිත හිමියන්ට ඇමතුම් ලබාදුන් හිමිනම පවසා ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයා කිය.

විහාරාධිපති හිමියන් ලබාදුන් එම දුරකතන ඇමතුමෙන් පසු වෑන් රථයෙන් පැමිණ සිටි පුද්ගලයන් සිවුදෙනාත් මේ ගැන විමසා එක් පුද්ගලයකු අතර තිබූ ෆයිල් කවරයක් පිත හිමියන් විසින් උදුරාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මේ අවස්ථාවේ කලබලයට හා බියට පත්වූ බව කියන එම  සිවුදෙනා වෑන් රථයේ නැගී පළාගොස් ඇති අතර පසුව විජිත  හිමියන් මේ ගැන අතුරුගිරිය පොලිසියට පැමිණිලි කර තිබේ.

විහාරස්ථානයේ සවිකර ඇති සීසීටීවී කැමරාවේ මෙම සිද්ධිය පටිගත වී ඇති බවත් එම රූප රාමු පරික්ෂා කර බලා  සැකකරුන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය




This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

massanne vijitha thero

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×