Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

අලුතින් සුවසැරිය ගිලන් රථ 152 ක් - ඇම්බියුලන්ස් වලට ඩොක්ටර්ලා ගල් ගහන්න කිව්වෙ ලෝකේ එකම රට


සුවසැරිය ගිලන් රථ 152 ක් දිවයින පුරා රෝහල් 152 කට බෙදාදීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභා භූමියේ දී  පසුගිය 18 දා පස්වරුවේ සිදු කෙරිණි.



එංගලන්තයේ ෆොර්ඩ් සමාගම නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 132 ක් ද ජර්මනියේ බෙන්ස් සමාගම නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 20 ක් ද, මෙහිදී බෙදාදුන් අතර, ඒ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 2850 කි. ෆොර්ඩ් වර්ගයේ ගිලන් රථ 250 ක් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 100 ක් රෝහල් වලට බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත. දැනට බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40 ක් රෝහල්වලට බෙදා දී තිබේ. අද දින බෙදා දුන් ගිලන් රථ මධ්‍යම රජයේ රෝහල් 34 කට ද පළාත් සභා රෝහල් 116 කට ද  ආයුර්වේද දෙපාර්තමේන්තු රෝහල් 02 කට ද බෙදා දෙනු ලැබීය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ගිලන් රථ රියදුරන්ට හදිසි තත්ත්වයක දී ප්‍රතිකාර කිරීම සදහා අනෙකුත් කාර්ය මණ්ඩලය සමග ඒකාබද්ධ වීමට විශේෂ පහුණුවක් ලබාදෙනවා. ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ගොඩනැංවීම අපගේ අරමුණයි. අග්‍රාමාත්‍යවරයා “සුවසැරිය” ගිලන් රථ සේවාව ආරම්භ කළේ නිවසේ සිට රෝහල දක්වා රෝගීන් ප්‍රවාහනය කිරිම සදහායි. “සුවසැරිය” ගිලන් රථ සේවාව ආරම්භ කරන විට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැඩි විවේචනයක් එල්ල කළා. මැලේරියාව, රෝ ඔත්තු සේවාව ලංකාවට එන බව ප්‍රකාශ කළා. දැක්ක තැන දී ගල් ගහන්නත් කිවුවා. තමන් වෛද්‍යවරුන් බව ප්‍රකාශ කරමින් ගිලන් රථයකට ගල් ගහන්න කියපු ලෝකයේ එකම වෛද්‍යවරුන් ඉන්නේ ලංකාවේ. මේ වන විට “සුවසැරිය” ගිලන් රථ සේවාවෙන් ලක්ෂ 08 කට වඩා ජනතාවකට සේවය ලබා දී තිබෙනවා.


දරු ප්‍රසූත 35 ක් සිදු වී තිබෙනවා. එම සේවාවේ කාර්ය මණ්ඩලයට විධිමත් පුහුණුවක් ලබා දී තිබෙනවා. සුවසැරිය ගිලන් රථ සේවාව ජනතාව ඉහළින් පිළිගන්නා නිසා තමයි දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක් බවට එය පත් කළේ. ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි අහනවා සුව සැරිය ගිලන් රථ ම ගේන්න බැරිද කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශය ගිලන් රථ ගෙනඒමට ටෙන්ඩර් කැඳවූවා. එහිදී සමාගම් 04 ක් අයදුම්පත් ඉදිරිපත් කර තිබුනත් ඇතැම් සමාගම් වල මිල ඉතාම අධික වුනා. වෑන් රථ වලට ගිලන් රථ උපකරණ සවිකර දීමට ඇතැම් සමාගම් යෝජනා ඉදිරිපත් කළා. නමුත් ෆොර්ඩ් සහ බෙන්ස් සමාගම් නියම ගිලන් රථ ගෙනඒමට කටයුතු කළා. මීට පෙර මෙවැනි ගිලන් රථ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන්වූයේ නැහැ.

අපේ අමාත්‍යාංශයේ නිලධාරින් සමාගමට අවශ්‍ය පරිදි තමයි වැඩ කටයුතු සිදු කළේ. මෙවරත් එවැනි සිද්ධි සිදු වීමට තිබුනත් එය නතර වුනා. මටත් බලපෑම් කළා. නමුත් ටෙන්ඩර් ඉදිරිපත් කළ ආකාරයට තමයි නිසි පරිදි එය සිදු වුනේ. ෆොර්ඩි වර්ගයේ එක ගිලන් රථයක මිල රුපියල් මිලියන 9.2 ක්. සමහරු කැමැති නැහැ මෙවැනි ගිලන් රථ ගෙනඒමේ තීරණයට මොකක් හරි වාහනයක යන්න තමයි බලන්නේ. බෙන්ස් වර්ගයේ රථවාහන භාවිත කළේ ධනපතීන් විසින්. නමුත් වර්තමානයේ ගම්වැසියන්ට ද බෙන්ස් වර්ගයේ ගිලන් රථයකින් හෝ රෝහලට යන්න පුළුවන්. සියලු සෞඛ්‍ය පරික්ෂණ නොමිලේ ලබා දී තිබෙනවා. ලෝකයත් සමග ගමන් කරන්නේ නැති. රටක් දියුණු වන්නේ නැහැ. එම නිසයි ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් පැවැසුවේ නව දේවල් නිපදවන රටක් ඉදිරියට යනවා කියලා.”
















This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

අලුතින් සුවසැරිය ගිලන් රථ 152 ක් - ඇම්බියුලන්ස් වලට ඩොක්ටර්ලා ගල් ගහන්න කිව්වෙ ලෝකේ එකම රට

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×