Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ඇස් පිය නොහෙලා බලා සිටි - PET SCAN යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලට...


මහරගම පිළිකා රෝහලට පැමි‍ණෙන රෝගීන් සුවපත් කිරීම සඳහා අවශ්‍යව තිබු  Pet Scan යන්ත්‍රය ඔබගේ දායකත්වය ඇතිව රුපියල් කෝටි 20කට අධික මුදලක් සොයා ගැනීමට මනුසත් දෙරණද ඒ සමඟ අත්වැල් බැඳ ගනු ලැබීය.

එහි ප්‍රථිඵලයක් ලෙස ලබාගත් යන්ත්‍රය මේවනවිට මහරගම අපේක්ෂා රෝහලේ ඒ වෙනුවෙන් ඉදිකෙරැණු ගොඩනැගිල්ලේ සවි කරමින් තිබේ.

මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය පෙට් ස්කෑන් යන්ත්‍රයක් නොමැතිවීම  සම්බන්ධව අද දෙරණ 2016 වසරේ රටට කරුණු අනාවරණ කළේය.

ඒ අනුව ජනතා සහයෙන් එම යන්ත්‍රයක් මිලදී ගැනීමට වැඩසටහනක් ආරම්භ කෙරුණු අතර මනුසත් දෙරණද ඒ සමඟ අත්වැල් බැඳ ගත්තේය.
 
එහි ප්‍රථිපලයක් ලෙස මාස 06 ක් වැනි කෙටිකාලයක් ඇතුළත පරිත්‍යාගශීලී ශ්‍රීලාංකිකයින්ගේ නොමසුරු දායකත්වයෙන් රුපියල් කෝටි 20කට අධික මුදලක් ඒ වෙනුවෙන් පිහිටුවා තිබූ ගිණුමට බැරව තිබුණි.

ඒ අනූව මිලදී ගනු ලැබූ පෙට්ස් කෑන් යන්ත්‍රය මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ සවි කෙරෙමින් පවතින ආකාරයයි අපට දක්නට ලැබුණි.

තවත්  දින කිහිපයකින්  යන්ත්‍රෙය් සවිකිරීම් අවසන් වූ වහා එය ජීවිත අපේක්ෂාවෙන් පෙළෙන සුවහසක් රෝගීන්ගේ හෙට දවස වෙනුවෙන් කැප වනු ඇති. 


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

ඇස් පිය නොහෙලා බලා සිටි - PET SCAN යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලට...

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×