Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ලංකාව පළමු තැන දෙමින් 2018 පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේදීම ‘කොලින් මුන්රෝ’ තැබූ වාර්තාව මෙන්න..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා නවසීලන්ත කන්ඩායම අතර පැවැති දෙවැනි විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.2018 වර්ෂයේ අලුත් අවුරුදු ආරම්භයත් සමග පැවැති මෙම තරගයේ ක‍්‍රීයාත්මක කර හැකි වුයේ පන්දුවාර 09ක් පමණි.

තරගයේ කාසිය වාසිය දිනු කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 09කදී කඩුලු 04ක් දැවීලකුණු 102ක් ලබා සිටියහ.


ආරම්භක පිතිකරු ලෙස පැමිණි ප‍්‍රහාරාත්මක පිතිකරු මාටින් ගප්ටිල් හට වැඩි වෙලා පිටියේ රැදී සිටිමට වේග පන්දු යවන ක‍්‍රිඩක කොට‍්‍රල් ඉඩ ලබා නොදුන් ඔහු එවු පන්දුවකට කඩුලු රකින ක‍්‍රිඩක වෝල්ටන් හට උඩපන්දුවක් ලබා දෙමින් දැවී යන විට ලකුණු 02ක් ලබා සිටියහ.

අනතුරුව ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ කොලින් මුන්රෝ  පන්දු 18කදී සිය අර්ධ ශතකය රැස් කිරීමට සමත් වු අතර නවසීලන්ත කණ්ඩායමේ පිතිකරවකු ලබාගත් දෙවැනි වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකය ලෙසද එය වාර්තා අතරට එක්විය.නවසීලන්ත පිතිකරුවකු ලබාගත් වේගවත්ම අර්ධ ශතකයද මුන්රෝට හිමිවන අතර පසුගිය වසරේ ශ‍්‍රී ලංකා කණ්ඩායම එරෙහිව පන්දු 14කදී මුන්රෝ අර්ධ ශතකය රැස් කරගත්හ.

ප‍්‍රහාරාත්මක පිතිහරඹයක් දියත් කළ ආරම්භක පිතිකරු කොලින් මුන්රෝ පන්දු 23කදී හයේ පහර 03ක් හා හතරේ පහර 11ක් සමගින් ලකුණු 66ක් රැස් කිරීමට සමත් වු අතර කෙස්රික් විලියම්ස් එවු පන්දුවකට පවෙල් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී යන විට විලියම්ස් සමග එක්වෙමින් දෙවැනි කඩුල්ල සදහා ලකුණු 75ක් සම්බන්ධතාවක් පැවැත්වීමටද සමත්විය.

පළමු තරගයෙදී විශිස්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් තරගයේ විරයා සම්මානය දිනා ගත් ග්ලෙන් පිලිප්ස් හට මෙම තරගයේදී රැුස් කරගත හැකි වුයේ ලකුණු 10ක් පමණි. සැමුවෙල් බද්රී එවු පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පිලිප්ස් දැවී යන විට පන්දු 05කට මුහුණු දෙමින් එක් හයේ පහරකින් සිය ඉනිමක එක් කොට තිබුණි. තරගය නතර කරන විටදී නායක විලියම්සන් නොදැවී ලකුණු 17ක්ද කිචන් එක් ලකුණක්ද ලබා ගෙන සිටි අතර කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කොට‍්‍රල්, බද්රී ,විලියම්ස් හා නර්ස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම ඉදිරියෙන් පසුවෙයි.



This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

ලංකාව පළමු තැන දෙමින් 2018 පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේදීම ‘කොලින් මුන්රෝ’ තැබූ වාර්තාව මෙන්න..

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×