Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

NGO විසින් මෙරට කාන්තාවන් නව ලක්‍ෂයක් වදභාවට පත් කරලා..

රාජ්‍ය නොවන සංවිධානවල මෙහෙයවීමෙන් මෙරට කාන්තාවන් සහ පිරිමින් වද භාවයට පත් කරමින් සිටින බව බොදු බල සේවා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ සදහන් කරති.

පසුගිය වසර දහයක කාලය තුලදී මෙරට කාන්තාවන් ලක්‍ෂ නවයක්
පමණ එසේ රාජ්‍ය නොවන සංවිධානවලින් වද භාවයට පත් කර ඇති බවද උන් වහන්සේ පෙන්වා දෙති. මේ සම්බන්දයෙන් මැදිහත් වීමට කටයුතු කරන බවට කිදිනල් තුමා කැමැත්ත පල කල බවද උන් වහන්සේ කියා සිටියේ මැල්කම් රංජිත් අගරදගුරුතුමන් සමග පවත්වන ලද විශේෂ සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

පවතින දේශපාලන තත්වය ගැන අදහස් පල කරමින් උන් වහන්සේ කියා සිටියේ බොදු බල සේනාව දේශපාලන කටයුතුවලින් ඉවත් කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ගෙදර වැඩ හොදින් කර පුරුදු පුහුණු වුවහොත් යම් ඉදිරි ගමනක් ඇතැයි සිතන බවද උන් වහන්සේ වැඩි දුරටත් එහිදී කියා සිටියහ.



This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

NGO විසින් මෙරට කාන්තාවන් නව ලක්‍ෂයක් වදභාවට පත් කරලා..

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×