Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

‘පන්දුවාරයට රැස්කරන ලකුණුවලට සල්ලි’.. සුපිරි ක‍්‍රිකට් ගැටුම මුදලට පාවාදෙන හැටි ලොව ම කළඹමින් එළියට එයි”(VIDEO)

ක්‍රිකට් පිටියේ සිදුවූ බවට පැවසෙන ඔට්ටු තැබීම් පිලිබඳව පසුගියදිනවල විදෙස් මාධ්‍ය ඔස්සේ තොරතුරු රැසක් වාර්තා වූවා.කෙසේ වෙතත් මෙහි නවතම හෙළිදරව්ව පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ ලෝක ප්‍රසිද්ධ අළු බඳුන ක්‍රිකට් තරඟාවලියේ මේ වනවිට පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟය අතරතුර සිදුකිරීමට උත්සාහයක් පවතින බවට පැවසෙන ඔට්ටු තැබීමක් පිළිබඳවයි.

ඔවුන් චෝදනා කරන්නේ මේ සඳහා ක්‍රීඩකයන් ද සහයෝගයද හිමිවිය හැකි බවයි.එහිදී ඒ සඳහා ක්‍රීඩකයන් විසින් විවිධ සංඥා භාවිත කෙරෙන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.මේ සඳහා ක්‍රීඩකයන් භාවිත කරන අත් ආවරණ ඇතුළු ආරක්ෂක උපාංග ද භාවිතයට ගන්නා බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. අදාල සංඥා ක්‍රමය IPL තරඟ වලදීද භාවිත කර ඇති බව එම වාර්තාවල දැක්වෙයි.

මේ අතර අදාළ තොරතුරු අනාවරණ කරන ලද බ්‍රිතාන්‍ය SUN පුවත්පත විසින් මේ පිළිබඳව සියලු තොරතුරු ICC වෙත මේ වනවිටත් යොමුකර තිබීමත් විශේෂත්වයක්. විදෙස් ක්‍රීඩා මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙලෙස ඔට්ටු තැබීම පුද්ගලයන් දෙදෙනකු විසින් ක්‍රියාත්මක කෙරෙන බවයි.ඒ අනුව ඔවුන්ගේ බවට පැවසෙන ඡායරූප ද ඔවුන් මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබෙනවා.

එම සිදුවීම වාර්තාවීමත් සමග ඔ්ස්ටේ‍්‍රලිනායානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය විශේස නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ඔවුන් ඒ පිළිබදව විශේෂ විමසිල්ලකින් පසුවන බවයි.. මේ අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අදාල සිදුවීම පිළිබඳව ICC ය විසින් සිදුකරනු ලබන ඕනෑම පරීක්ෂණයක් සඳහා තම සහයෝගය හිමිවන බවයි. අදාළ මාධ්‍ය විසින් වැඩිදුරටත් වාර්තා කර ඇති පරිදි ඔට්ටු තැබීම සිදුවන්නේ පන්දු වාරයකට රැස්කරන ලකුණු ප්‍රමාණයන් පදනම් කරගනිමින්.

අදාල ඔට්ටු තබන්නන් මේ සඳහා ඉන්දීය වෙළඳපොලයි තෝරාගෙන ඇති අතර එහිදී මුදල් හුවමාරු කරගැනීම සඳහා අරාබි රටවල සහ ආසියාවේ වඩාත් ප්‍රචලිත මුදල් හුවමාරු ක්‍රමයක් වන හවාලා ක්‍රමය භාවිත කෙරෙන බවයි එහි දැක්වෙන්නේ.




This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

‘පන්දුවාරයට රැස්කරන ලකුණුවලට සල්ලි’.. සුපිරි ක‍්‍රිකට් ගැටුම මුදලට පාවාදෙන හැටි ලොව ම කළඹමින් එළියට එයි”(VIDEO)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×