Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය, රාජ්‍ය රැකවරණය ලබා දීමට අප කිසිසේතම එකග නෑ..- TNA

රාජ්‍ය රැකවරණය සහිතව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම කිසිවිටකත් නොපිළිගන්නා බවත් ඒ තුළින් ද සෙසු ආගම් දෙවෙනි පන්තිය ට වැටෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව පාර්ලිමේන්තු විවාදයට
අවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි වන ව්‍යවස්ථාවකට දෙමළ ජාතික සන්ධානය එකඟ වූයේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයෙන් කර ඇති ප්‍රකාශය අසත්‍ය බවද ඔහු සඳහන් කළේය.

මන්ත‍්‍රිවරයා බව කියා සිටියේ වවුනියාවේ හෝටලයේදී පැවති ජාත්‍යන්තර මානව හිමිකම් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ පැහැදීමක් අතත් බුද්ධාගමට හෝ වෙනත් කවර ආගමකට හෝ ප්‍රමුඛස්ථානය ලබා දීමට එකඟ නොවන බව ද ඔහු සඳහන් කළේය.

තමන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දුටු අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය මෙම ස්ථාවරය දැනුම් දුන් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.







This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය, රාජ්‍ය රැකවරණය ලබා දීමට අප කිසිසේතම එකග නෑ..- TNA

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×