Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

වසර 115 ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්ථාව කොලින් ඩී ග්‍රෑන්ඩ්හෝම් බිඳ දමයි…

කොදෙව් කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවති පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ඉනිමකින් සහ ලකුණු 67 කින් ජය ගන්නට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනා ගැනීමට නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක නීල් වැන්ගර් සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනාගත් නවසීලන්තය පන්දුවට පහරදීමේ අවස්තාව සංචාරක කොදෙව් කණ්ඩායමට පැනවූ අතර ඔවුන් තම පළමු ඉනිම තුල ලබා ගත්තේ ලකුණු 134 ක් පමණක් වන අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කිරාන් පවෙල් ලකුණු 42ක් ලබා ගැනීමට සමත් විය.පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ නීල් වැන්ගර් කොදෙව් කඩුලු 7ක් ලකුණු 39 තුල බිඳ දැමීමට සමත් විය.

නවසීලන්ත කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 520/9 ලබාගෙන තම ඉනිම අත්හිටවූ අතර ශතක දෙකක් වාර්තා වූ නවසීලන්ත ඉනිම තුල කොලින් ඩී ග්‍රෑන්ඩ්හෝම් ලබාගත් ශතකය සඳහා ඔහු වැය කලේ පන්දු 71 ක් පමණක් වන අතර එය මංගල ශතකය අඩුම පන්දු ප්‍රමාණයෙන් වාර්තාකළ අවස්තාව ලෙස ක්‍රිකට් වාර්තා පොතට එකතු විය.මීට පෙර 1902 දී ගිල්බට් ජෙසප් නම් එංගලන්ත ක්‍රීඩකයා තම මංගල ටෙස්ට් ශතකය පන්දු 76කින් වාර්තා කර තිබුන අතර ග්‍රෑන්ඩ්හෝම්ස් ශතකය ලබා ගත්තේ පන්දු 71 කිනි.


නවසීලන්තය වෙනුවෙන් කඩුලු රකින ක්‍රීඩක ටොම් බ්ලෙන්දල් ද ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර,මෙය ඔහුගේ මංගල තරඟය වීමද විශේෂත්වයකි.කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී කිමාර් රොච් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ඉනිමක පරාජයෙන් බේරීමේ අරමුණින් කොදෙව් දෙවන ඉනිම ආරම්භ වුවද පන්දුවාර 106ක් තුල ලකුණු 319 කට කොදෙව් දෙවන ඉනිම සීමා වීමත් සමඟ කොදෙව්වන්ට ඉනිමක පරාජයක් අත් විදින්නට සිදු විය. පළමු ඉනිමට සාපේක්ෂව කොදෙව් පිතිකරුවන් දෙවන ඉනිමේ ලකුණු අතරට පැමිණි අතර ආරම්බක පිතිකරු ක්‍රෙග් බාත්වයිට් සහ ශේමරෝන් හෙඩ්මයර් දෙවන ඉනිමේ අර්ධ ශතක ලබා ගත් අතර පන්දු යැවීමේදී මැට් හෙන්රි කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය.


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

වසර 115 ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්ථාව කොලින් ඩී ග්‍රෑන්ඩ්හෝම් බිඳ දමයි…

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×