
අමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, අයවැය 2018 වැයශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමිනි.
‘රණවිරුවන් 30,000ක් ජීවිත පූජා කළා. කවුරු පන්පෝරි ගැහුවත්,රනවිරුවන්ගේ කැපවීම නොවන්න යුද්ධය ජයගන්න බෑ. ඔවුන් දුන් සහයෝගය අවතක්සේරු නොකළ යුතුයි.හමුදා ප්‍රතිසංවිධානය කිරීම ඉතා අවශ්‍යයි.අපි රටේ ආරක්ෂාව දුර්වල කරන්නේ නෑ.හමුදාව රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කළ යුතුයි. මේ රටට වැරදි පණිවුඩ යවන්න එපා. ත්‍රිවිධ හමුදාව රටේ සංවර්ධනයට දායක කරගත යුතුයි. හමුදාව දේශපාලණීකරණය නොකළ යුතුයි. රාජ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි. අප රාජ්‍ය ආරක්ෂාව ශක්තිමත් කළ යුතුයි.රටට ජාතික උපක්රමික අරක්ෂක සැලැස්මක් අවශ්‍යයි’