Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

සීගිරිය පාලනයට විශ්‍රාමික යුදහමුදා මේජර්වරයෙක් (PHOTOS)

පසුගිය කාලයේ ගංවතුර ආධාර සඳහා ජනතාව ලබාදුන් වතුර බෝතල් තොගයක් සිගිරිය මධයම සංස්කෘතික අරමුදලෙ කාමරයක ගොඩ ගසා තිබේ.බෝතල් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිටි නිලධාරින් පාවිච්චි කරන බවත් ඇතැම් බෝතල් විකුණා ඇති බවට තොරතුරු වාර්තා විය.

සීගිරිය අවට ප්‍රදේශයේ ජනතාව ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට බෙදීම සඳහා පරිත්‍යාග කළ මෙම ජල බෝතල් ඉතා රහසිගතව කාමරයකට දමා තවමත් රඳවාගෙන සිටින බවට ලැබුණු තොරතුරක් මත මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා ඊයේ (2) පස්වරුවේ ධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සීගිරිය කාර්යාලයට ගොස් මේ පිළිබඳව සොයා බැලීමක් කළේය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය කාර්යාලයේ හිටපු ව්‍යාපෘති කළමනාකරු සහ 2 දින තාවකාලිකව වැඩ භාරගත් විශ්‍රාමික යුද හමුදාවේ මේජර් වරයෙකු වන අනුර නිශාන්ත මහතා සහ ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් ද මේ වතුර පිළිබඳව පළාත් සභා මන්ත්‍රීවරයා විමසීමක් කළේය. එහිදී අනාවරණය වූයේ මෙදින තාවකාලිකව පත් කෙරුණු යුද හමුදාවේ හිටපු මේජර්වරයා යටතේ මෙම ජලය පසුගිය කාලයේ සිටම පැවති බවය.

මෙහිදී පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා තමන් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය කරන අයකු බවත් එහෙත් වර්තමානය වනවිට සීගිරියේ සියලු දේ කුරුණෑගල දිස්ත්‍රික්කයට ගොනු කරමින් සිටින බවත් එයට තමන් දැඩි විරෝධය ප්‍රකාශ කරන බවත් සඳහන් කළේය. සීගිරියේ ව්‍යාපෘති කළමනාකාරවරයා ස්ථාන මාරු කොට යුද හමුදාවේ සේවය කර විශ්‍රාම මේජර්වරයෙකු පත් කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය. සීගිරියේ යුද හමුදා නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.

මන්ත්‍රීවරයා සීගිරි කාර්යාලයෙන් එළියට පැමිණීමත් සමග දෙස් විදෙස් සංචාරකයන් කණ්ඩායමක් සීගිරි බලධාරීන්ට දැඩි ලෙස විවේචනය කරමින් කෑ කෝ ගසන අයුරු දැක ගැනීමට හැකි විය.දේශීය සංචාරකයන්ගේ වා‍ර ප්‍රවේශ පත්‍ර ලබා ගෙන සීගිරි තරණය කරන අවස්ථාවේ ටිකට් පරික්ෂා කරන ස්ථානයේදී එක් කණ්ඩායමකට පරීක්ෂාවකින් තොරව සීගිරිය ඇතුළු වීමටත් අනිත් අයට හැදුනුම්පත් නොමැති ව සීගිරියට ඇතුළුවීමට ඉඩ ලබා නොදී පැය තුනක පමණ කාලයක් රඳවාගෙන සිටි බවට ද ඔහු චෝදනා කරන්නට වූහ.

ව්‍යාපෘති කළමනාකාර වරයා ලෙස යුද හමුදාවේ මේජර්වරයෙකු පත්වීම් ලැබ පළමු දවසේම මෙහි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් මෙහිදී දෙස් විදෙස් සංචාරකයන් දැඩි අසීරුතාවට පත්වන බවත් පළාත් සභා මන්ත්‍රීවරයා ඔවුන් සමග සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම සංචාරකයන් කෑකෝ ගසමින් ස්ථාන රැඳී සිටින ආකාරයත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්ට බැන වදින ආකාරයත් එහිදී අපට දැකගැනීමට හැකියාව ලැබිණි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි කාර්යාලයේ සඟවා තිබූ වතුර බෝතල් ලඟදීම වැඩිහිටි නිවාසයකට ලබා දීමට එකඟතාවය පළ කරන බව බලධාරීන් පැවසූහ. මෙම වතුර බෝතල් තොගය කාලයක් තිස්සේ පානය කිරීම සහ අලෙවි කිරීම සිදුකරන බවට ලැබුණු තොරතුරු පිළිබඳව විමසීමේ දී අනුර නිශාන්ත මහතා කියා සිටියේ පානය සඳහා අලවිය සඳහා මෙම ජාලය නොගත් බවය. සීගිරි මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘතියේ ඇති ආපනශාලාවේ අයෙකු අප සමග කියා සිටියේ ආපනශාලාවෙන් පමණක් වතුර ලබාගැනීම සඳහා රුපියල් දහ දාහක මුදලක් ලබාදී ඇති බවයි. 

එම මුදල් වලට ජලය මිලදී නොගෙන ජනතාව පරිත්‍යාග කළ ජලය ජලය ද මේ ආකාරයෙන් සඟවා ගෙන තිබීම ත් අසාධාරණයක් බව ඔවුහු පවසති. සිගිරිය ප්‍රදේශවාසීහු කියා සිටියේ තමන් ඉතාමත් දුක් මහන්සියෙන් හම්බකරන මුදලින් ජලය බෝතල් ලබාගෙන මධ්‍යම සංස්කෘතික අරමුදලට පරිත්‍යාග කළේ අහිංසක ජනතාවට ලබාදීම සඳහා බවය. එම ජලය මෙම පුද්ගලයන් පරිහරණය කිරීම අලෙවි කිරීම සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් චෝදනා කරන්නට වූහ .

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)







This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

සීගිරිය පාලනයට විශ්‍රාමික යුදහමුදා මේජර්වරයෙක් (PHOTOS)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×