Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

උසම බිල්ඩිමේ මහා බොරුකාරයින් මාධ්‍ය හමුවක.. උත්තර දෙන්න බැරිව පචවී කිච වී යයි…[Video]

ලොව උසින් වැඩිම ගොඩනැගිලි අතර 9 වන ස්ථානයට ගැනෙනවා යැයි කියන යෝජිත වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් පරිශ්‍රය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (19) දිනයේ දී කැඳවා තිබිණි. මේ සඳහා වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් හි නියෝජ්‍ය සභාපති ආචාර්ය සේනක ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති විවේක් ආනන්දරාජා, අධ්‍යක්ෂ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සහ නීති උපදේශක එස්.පී. ශ්‍රීස්කන්තා යනමහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

මූලිකවම වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් හි ඉදිකිරීම් සිදුකරනුයේ සෘජු විදෙස් ආයෝජනවලින් පමණක් බවත් සත පහක මුදලක් හෝ මෙරට බැංකුවලින් නොගන්නා බවත් මෙහිදී අදහස් දක්වමින් වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් හි නියෝජ්‍ය සභාපති ආචාර්ය සේනක ද සිල්වා අවධාරණය කළේය. “ආණ්ඩුවේ Western regional megapolis master plan එකට අනුකූලව මේ බිල්ඩිංග් එක හදන්න ප්ලෑන් කළේ. මේ හරහා 2,400 ක වයිට් කලර් ජොබ්ස් මේ රටට දායාද කරන්න ලැහැස්ති කරලා තියෙනවා. ඒ හා සමානවම වර්ල්ට් කැපිටල් සෙන්ටර් කියන මූලික ආයතනය තුළින් තව මුළු දිස්ත්‍රික්ක 24 ම ආවරණය වන පරිදි seven zones ඇති කරලා අපි මේ රට ඉදිරියට ගෙන යන්න සූදානම් කරලා තියෙනවා“, ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ, සමාගමේ නිලධාරීන් විසින් සිදුකරන ලද ප්‍රකාශයන් හි පරස්පරතාවන් දැකිය හැකි වූ අතර අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත භූමිභාගයක් හෝ මෙතෙක් තීරණය කර නොමැති බව ද අනාවරණය විය. එසේම සමාගමේ කොටස් හිමිකාරීත්වය, ලියාපදිංචිය, ආයෝජන ලැබීම්, සමාගමේ අනෙකුත් ව්‍යාපෘතීන්, විදෙස් ශාඛාවල මෙහෙයුම්, ආයෝජන මණ්ඩල අනුමැතිය ලැබීම් යනාදී කරුණු සම්බන්ධයෙන් විවිධ වූ ප්‍රකාශ මෙහිදී සිදුකෙරිණි. ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශ කර ඇති මෙහිදී මහල් 117 කින් යුතු මීටර 625 ක උසින් යුතු කුළුණු දෙකකින් සමන්විත ගොඩනැගිලි පරිශ්‍රයක් ඉදිවන බව කියැවේ. ඉදිකිරීම් අවසන් වූ පසු මෙය ලොව 9 වැනියට උසම ගොඩනැගිල්ල වනු ඇති බවත් තරු 7 ක හෝටලයක් මෙහි අන්තර්ගත වන බවත් සමාගම ප්‍රකාශ කර සිටී. වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ආයතනයේ නියෝජිතයින් මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ආකාරය පහතින් නැරඹිය හැකිය.

– biz.adaderana.lk


 


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

උසම බිල්ඩිමේ මහා බොරුකාරයින් මාධ්‍ය හමුවක.. උත්තර දෙන්න බැරිව පචවී කිච වී යයි…[Video]

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×