Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ඔහුගේ ජීවිත ගීතයට ඇගෙන් ලැබුණු මියුරු තාලයත් සමඟ ජීවිතය දිනන්නට වෙර දරන මධුරංග – Exclusive

ලැබීම්, නොලැබීම් කියන්නේ ජීවිතේ අපි කාටත් පොදු දේවල්. මේ හැමදේකදිම නොවැටී ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්නම් ජීවිතේ දිනන්න ඒ තරම් අමාරු නැහැ. මධුරංග ජයරත්න. මේ ඇහුවම හුඟක් අයට මතකයට ඒවී ඔහු කවුද කියලා. ඒ මියුරු හඬින් ගීත ගායනා කරන ගායකයෙක් නිසා. උපතින්ම පාද දෙකත්, එක් අතකුත් ඉතිරි අතේ ඇඟිලි තුනකුත් අහිමිවයි මධුරංග මෙලොව එළිය දකින්නේ. 

ඒ නොලැබීම ජීවිතේට බාධාවක් කරනොගත්තු මධුරංග තම සංගීතමය හැකියාවෙන් තරුණ සේවා සභාව මගින් දියත් කළ ගීත ගායනා වැඩසටහනකදි දෙවැනි තැනද හිමිකරගන්නවා. ඉතිං මේ සොදුරු මිනිසාට හිත දෙන්න සහකාරියක්ද හමුවෙන්නේ මධුරංගගේ නොලැබීම් කිසිවක් බාධාවක් කරනොගනිමින්. ඒ වගේම මේ ජීවිත කතාව ඇතුලේ පසුගිය දවසක තවත් දුක්බර කතාවක් සිදුවුණා. 

ඒ තමයි මොවුන්ගේ කැදැල්ලට ආපු පුංචි පුතු දින කිහිපයකින් අවසන් ගමන් යනවා. ඒ දෛවයේ සරදමට අභියෝග කරමින් මධුරංග සිය ජීවිත ගමන ගෙනියන හැටි ගැන කතාකරන්න අපි මධුරංග සමඟ සුහද පිළිසදරක යෙදුනා.

මධුරංග ඉතිං කොහොමද..?
හොඳයි.. සංගීත වැඩකටයුතු ටිකත් කරගෙන හොඳින් ජීවත් වෙනවා.


පසුගිය දවසක ඔබේ ජීවිතේ ලොකු දුක්බර සිදුවීමක් වුණා..
ඔව්… ඒ හැමදේම දැන් අමතක කළා.. අලුතින් දරුවෙක් අපිට ලැබේවි.. එතකොට අපේ ජීවිතේ ඒ පුංචි පැටියා වේවි. ලැබීම් වගේම නොලැබීම් අහිමිවීම් ජීවිතේ පොදු දේවල්. දුකක් වුණත් ඒ හැමදේටම අපි මුහුණ දෙන්න ඕනේ.


ආදරණීය බිරිඳ ගැන මතක් කළොත්.. ?
මගේ ළඟින් ඉඳන් හැමදේටම හයියක් වුණා ඇය.. ඒ වගේම මට ඇය ආදරය කරන්න පටන් ගත්ත එකම කොයිතරම් දෙයක්ද..? අපේ ආදරේ ඇතිවුණෙත් මුහුණුපොත හරහාමයි..


මොනවද ඉදිරි බලාපොරොත්තු..?
මම ඉදිරියේදී ලංකාව පුරාම ඒකපුද්ගල ප්‍රසංග පවත්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.. තවත් අලුත් සිංදුවකුත් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම පවුල් ජීවිතේ සතුටින් හොඳින් ගෙවන්න තමයි බලාපොරොත්තුව. 


ප්‍රශ්නවලදි පැනලා යන ජීවිත නැතිකරගන්න මිනිස්සු ඉන්න සමාජයක මධුරංග වගේ හිත හයිය මිනිස්සු මේ ලෝකය ලස්සන කරාවි කියලයි අපිට නම් හිතෙන්නේ..


Source : වෙබ් ගොසිප්


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

ඔහුගේ ජීවිත ගීතයට ඇගෙන් ලැබුණු මියුරු තාලයත් සමඟ ජීවිතය දිනන්නට වෙර දරන මධුරංග – Exclusive

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×