Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මංතීරු නීතිය කැඩූ රියදුරන් 1190 කට දඩ

ඊයේ (12) කොළඹ නගරය තුළ හා කොළඹ නගරයට ඇතුළුවන ප්‍රධාන මාර්ගයන්හි දී ක්‍රියාත්මක කළ මංතීරු නීතිය යටතේ වැරදි ලෙස ධාවනය කළ රියදුරන් 1190 කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රථවාහන පොලිස් නිලධාරීන්ට හැකි වී තිබිණි.

මෙම රියදුරන් සඳහා දඩ පත්‍රිකා ලබා දීම මෙන් ම සති අන්තයේ පැවැත්වෙන රථවාහන උපදෙස් පන්ති සඳහා කැඳවීමට ද පොලීසිය කටයුතු කරනු ලැබීය.

මංතීරු නීතිය ඉදිරියේදී ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර මේ හේතුවෙන් කොළඹ නගරය තුළ රථවාහන කළමනාකරණය කිරීමට පොලීසිය බලාපොරොත්තු වේ.



This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

මංතීරු නීතිය කැඩූ රියදුරන් 1190 කට දඩ

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×