Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

හැටන්වලදී තොණ්ඩමන් සහ දිගම්බරම් ඇමතිවරු අතර ඇතිවූ ගැටුමේ සම්පූර්ණ වීඩියෝව - VIDEO

අමාත්‍ය පලනි දිගම්බරම් මහතා ඇතුලු ආධාරකරුවන් පිරිසක් නොර්වුඩ් නගරයේදි තමන් ගමන් ගත් වාහනය හරස් කරමින් තමන්ට පහරදිමට තැත් කර තමන්ට මරණ තර්ජන එල්ල කළ බව පවසමින් ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

තමන් නොර්වුඩ් ප්‍රදේශයේ ආධාරකරුවන් හමුවීමට යන අවස්ථාවේ ඊයේ(07) රාත්‍රී 7.00 ට පමණ මෙම සිදුවීම සිදුවු බවත් තම ආධාරකරුවන් පැමිණි එක් වාහනයකට පහරදි අලාභ හානි කළ බවත් පොලිසියට පවසා ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසන්නේ ඉන්දිය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර සිං මෝදි මහතා වතුකරයේ ජනතාව ඇමතිම සදහා නොර්වුඩ් ක්‍රිඩාංගණයට පැමිණීමේ උත්සවය තම අමාත්‍යංශයෙන් සංවිධානය කරන බවත් එය කඩා කප්පල් කිරිමට ලංකා කම්කරු කොංග්‍රසයේ සෙන්දිල් තොන්ඩමන් ඇතුලු පිරිසක් කටයුතු කරමින් සිටින බවයි. තමන් කිසිසේත් සෙන්දිල් තොන්ඩමන් මහතා සමග ගැටුමක් ඇති කර ගැනිමට කටයුතු නොකළ බවද අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසනවා.

ලබන (12) වන දින ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා ඉන්දිය ආධාර යටතේ දික්ඔය මුලික රෝහලේ ඉදිකළ නව වාට්ටු සංකිර්ණය විවෘත කර නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි වතුකරයේ ජනතාව ඇමතිමට නියමිතයි.





This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

හැටන්වලදී තොණ්ඩමන් සහ දිගම්බරම් ඇමතිවරු අතර ඇතිවූ ගැටුමේ සම්පූර්ණ වීඩියෝව - VIDEO

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×