Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

වාහනයක් පැහැරගත් – සිංහලේ ගැලවුම්කරු – SF ලොක්කා සොයා පොලිස් මෙහෙයුමක්! (Exclusive)

අනුරාධපුර නගරයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකුට අයත් අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ලීසිං වාරික ගෙවීම පැහැර හැරීම නිසා එම මූල්‍ය සමාගමේ සාමාජිකයින් විසින් අත්පත් කරගෙන කොළඹට රැගෙන යමින් තිබියදී, එම ගුරුවරයාගේ කොන්ත්‍රාත්තුවක් මත එම රථය පැහැරගත් පාතාල නායක SF ලොක්කා සහ ඔහුගේ ගෝලයන් තිදෙනෙකු අත් අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශණ ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක කල්බදු අංශයේ උසස් නිලධාරීන් විසින් කල පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ සිදුකරනු ලබයි. පසුගිය 21 වනදා මෙම පැහැර ගැනීම සිදුකර තිබේ. පසුගිය සමයේදී අනුරාධපුර සමාජශාලාවක් තුලදී කරාටේ වසන්ත නමැත්තා කපා කොටා මරා දැමීමට චෝදනා ලැබ SF ලොක්කා බන්ධනාගාර ගතවී සිටි අතර පසුව ඇප මත නිදහස ලබා සිංහලේ සංවිධානය හා එක්ව රට ජාතිය සහ බුද්ධාගම රැකගැනීම සඳහා යැයි පවසමින් චීවරධාරීන් කිහිපදෙනෙක් සහ එක්ව නාඩගම් රැසක් සමාජගත කරන ලදි.

මෙම සිදුවීමත් සමඟ සිංහල ජාතිය සහ බුද්ධාගම බේරාගැනීම කෙසේ වෙතත් බන්ධනාගාර ගත වීමෙන් වැළකීම සඳහා SF ලොක්කාට සැඟවී සිටීමට සිදුවී අතැයි වාර්තා වේ.


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

වාහනයක් පැහැරගත් – සිංහලේ ගැලවුම්කරු – SF ලොක්කා සොයා පොලිස් මෙහෙයුමක්! (Exclusive)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×