Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ලොව දෙවැනි වේගවත්ම ධාවකයා හිමාෂට පරදියි (VIDEO)

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර හිමාෂ ඒෂාන් ලොව දෙවැනි වේගවත්ම මිනිසා ලෙස හැඳින්වෙන ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් පරාජයට පත් කිරීමට සමත් විය. ඒ ඊයේ (16) ජැමෙයිකාවේ පැවති 'යූටෙක් ක්ලැසික්' මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් සියය ධාවන ඉසව්වේදීය.

මෙහිදී හිමාෂ මේ වසරේ තමන්ගේ හොඳම කාළය වාර්තා කිරිමට සමත් වූයේ තත්පර 10.29 කින් තරගය නිමා කරමිනි. මෙහිදී ලොව දෙවැනි වේගවත්ම මිනිසාගේ වාර්තාවට හිමිකම් කියනා යොහාන් බ්ලේක්ට  හිමි වූයේ අවසන් ස්ථානයයි. ඔහු මෙහිදී තරගය නිමා කලේ තත්පර 10.88 කිනි. මෙහි පළමු ස්ථානය තත්පර 10.08  කින් තරගය නිමා කළ  බ්‍රිතාන්‍ය ඇන්ගෝලානු ජාතික සානෙල් හියුස් ට හිමිවිය.

මෙය හිමාෂගේ මළල ක්‍රීඩා ක්ෂේත්‍රෙය් දෙවැනි හොඳම කාළ ගණනය වූ අතර ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ වත්මන් වේගවත්ම ධාවකයා ලෙසින් හැඳින්වෙන හෙතෙම පසුගිය (2016) දකුනු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් සියය ඉසව්වේ වාර්තාව පිහිටවූයේ තත්පර 10.26 ක කාළයක් වාර්තා කරමිනි.


 


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

ලොව දෙවැනි වේගවත්ම ධාවකයා හිමාෂට පරදියි (VIDEO)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×