Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ගමම මල ගෙයක් වී තිබියදී ‘කිසිම ප‍්‍රශ්නයක් නෑ’යි කඩා වැටුනු කුණු කන්දේ සිට පොලිස්පති ‘සර්’ට දුරකනතයෙන් කියයි..[Video]

කොලොන්නාව කුණු කන්ද නිසා මරණ 19 කට වැඩි ප්‍රමාණයක් වාර්තා කරමින් විශාල ජීවිත හානි ප්‍රමාණයක් මෙන්ම අලුත් අවුරුද්ද ශ්‍රීලංකාවාසින්ට එකම මලගෙයක් කරමින් සිදු වූ මහා ඛේදවාචක සිද්ධිය සිදු වූ ස්ථානය වෙත ගොස් එම ස්ථානයේ සිට දුරකතන මගින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා රටේ ප්‍රධාන පුද්ගලයකුට කතා කරමින් පවසන්නේ “It Is Under Controlled Sir.. මම කියන එක අහන්න ප්‍රශ්නයක් නැහ” යන්නයි.

මේ වනවිටත් එම මහා ඛේදවාචකය සිද්ධිය වී පැය 24 කට අධික කාලයක් ගතවී මරණ 19 කට වැඩි ප්‍රමාණයක් වාර්තා කොට අති අතර තවමත් නිශ්චිතවම සිදු වූ ජීවිතහානි හෝ දේපල හානි සම්බන්ධව කීමට නොහැකි තත්ත්වයක් තුල පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එම සිද්ධියේ බරපතළ කම හා සිදුවුන ජීවිත හානි සම්බන්ධව එම මහා ඛේදවාචකය කිසිම ප්‍රශ්නයක් නොවී යන්න ඉතාම සැහැල්ලුවෙන් දන්වා සිටියේ ඉහලම පුද්ගලයෙකුට විය යුතුය.

අනික් පැත්තෙන් පොලිස්පතිවරා වෙත ලැබුන ප්‍රතිචාරය සවන් දීමට නොහැකි වුවත් රටේ පොලිස්පතිවරයා මෙම සිද්ධිය කිසිම ප්‍රශ්නයක් නැහ කීම පිලිගත් ආකරයක් පෙන්නුම් කල බව ඔහුගේ හැසිරීමෙන් දක්නට ලැබුණි. සාමාන්‍යයෙන් රටේ ඕනම විපතක් සිදු වූ අවස්ථාවක පොලිසිය විසින් එම සිදුවීම සම්බන්ධව කරන ප්‍රකාශය ජනතාව විශ්වාස කිරිම මෙතෙක් රටේ සිදු වූ නෛතික තත්ත්වය යි.




This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

ගමම මල ගෙයක් වී තිබියදී ‘කිසිම ප‍්‍රශ්නයක් නෑ’යි කඩා වැටුනු කුණු කන්දේ සිට පොලිස්පති ‘සර්’ට දුරකනතයෙන් කියයි..[Video]

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×