Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

හොර වෛද්‍ය සංගමයක් ගැන රාජිතගෙන් CIDයට පැමිණිල්ලක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය යන ව්‍යාජ සංගමය පිළිබඳව වහාම පරීක්ෂණ ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම ව්‍යාජ සංගමය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම්. රූම් මහතාගේ චරිතය ඝාතනය කිරීම සඳහා ප්‍රවෘත්ති නිවේදනය සහ පුවත් පත් වාර්තා නිකුත් කර ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.

මෙම ව්‍යාජ නිවේදන පිටුපස සිටින්නේ එක්තරා ඖෂධ සමාගමක් බවත් එම සමාගම මහරගම අපේක්ෂා රෝහ‍ලේ ඖෂධ සොරකම් කර අසරණ රෝගීන් මරා දැමූ ඖෂධ සමාගම බවද ඇමැතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

එම සමාගම් හිමිකරු ‍පොලිස් අත්අඩංගුවට ගෙන මාස 6ක කාලයක් රිමාන්ඩ් භාරයට පත්කළ බවත් පසුව ඔහු ඖෂධ ගෙන් වූ ඉන්දීය සමාගම ගැන සොයා බැලීමේදී ඔහු ලබා දී තිබූ ලිපිනයේ හිමිකරු වී ඇත්තේ මල් අලෙවිසල්කරුවෙකු බවද ‍පොලීසියට අනාවරණය කර ගැනීමට හැකි වී ඇතැයිද ඇමැතිවරයා පැවැසීය.

එම පුද්ගලයා තවත් පිළිකා ඖෂධයක් වෙනත් නමකින් මෙරටට ආනයනය කිරීම සඳහා සූදානම් වන බවට තමාට තොරතුරු ලැබුණේ යැයිද ඇමැතිවරයා මෙහිදී කීය.

එම පුද්ගලයා ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයැදුම්පතක්ද ඉදිරිපත් කර  බලපත්‍රයක්ද ලබා ගැනීමට කටයුතු කර තිබෙන බව ඇමැතිවරයා සඳහන් කරයි.



This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

හොර වෛද්‍ය සංගමයක් ගැන රාජිතගෙන් CIDයට පැමිණිල්ලක්

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×