Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

EXCLUSIVE : ගෝඨාට ආණ්ඩුවෙන් ගෙයක් දෙන්න බෑ! අලුත් නීති තර්කයක් එළියට එයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ව්‍යවස්ථාපිතව හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන කිසිදු වරප්‍රසාදයක් හිමි නොවන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පෙන්වා දී ඇත.

හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ යනු සිය ධුර කාලය අවසන් කොට විශ්‍රාම ගිය ජනාධිපතිවරයකු නොවන බවත්, සේවය අතහැර ගිය ජනාධිපතිවරයකු වීම ඊට හේතුව බවත්ය.

එසේ සේවය හැර ගිය ජනාධිපතිවරයකුට ව්‍යවස්ථාවෙන් හිමිව ඇති වරප්‍රසාද කිසිවක් හිමි නොවන බව හිටපු අගවිනිසුරුවරයාගේ මතය වී තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන් හිමිවන නිල නිවාස ඇතුළු වරප්‍රසාද කිසිවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි නොවන බව සරත් එන්. සිල්වා මහතාගේ ස්ථාවරයය.

පසුගිය දිනෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපතිවරයා අතර පැවැති දුරකතන සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපතිවරයාට මේ බව දැනුම්දී ඇති බවද දැනගන්නට තිබේ.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

EXCLUSIVE : ගෝඨාට ආණ්ඩුවෙන් ගෙයක් දෙන්න බෑ! අලුත් නීති තර්කයක් එළියට එයි!

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×