Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

සව් ටිකක්වත් ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ... 1948න් පස්සෙ රටට මෙහෙම වෙලා නෑ... කරතොත් කරපං හරියට... බැරිනම් පලයං අහකට! - මුරුත්තෙට්ටුවේ හිමි යළි කරළියට!

ජීවන වියදම ඉහළ යෑම හමුවේ ජනතාවගේ වේදනාව ඉහළ යමින් තිබෙන බවත් ශරීර උෂ්ණයට පානය කරන සවු කැඳ ටිකක් බීමට හෝ ජනතාව අත මුදල් නොමැති බවත්, නාරාහේන්පිට අභයාරාමාධිපති, රජ්‍ය සේවා හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

1948 සිට මේ දක්වා මෙවැනි තත්ත්වයක් රටට උදා නොවූ බවයි උන්වහන්සේ පවසන්නේ.

තෙල්, ගෑස්, බෙහෙත් ගැනීමට නොහැකිව ජනතාව ළතැවෙද්දී රජයේ දේශපාලනඥයන් ජනාධිපති අගමැති ඇමැති තනතුරුවලට තරග වදිමින් ජනතා ප්‍රශ්න ගැන සොයා නොබැලීම නිසා ජනතා අසහනය උග්‍ර අතට හැරී ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ අවස්ථාවේ තමන් වහන්සේට මතක් වන්නේ ‘කරතොත් කරපං හරියට – බැරිනම් පලයං අහකට’ යන ගැමි වහර බවද උන්වහන්සේ සඳහන් කළහ.

ප්‍රේමලාල් විජේරත්න
මව්රට




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

සව් ටිකක්වත් ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ... 1948න් පස්සෙ රටට මෙහෙම වෙලා නෑ... කරතොත් කරපං හරියට... බැරිනම් පලයං අහකට! - මුරුත්තෙට්ටුවේ හිමි යළි කරළියට!

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×