Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන 225ම දැනගෙන හිටියා. මාත් දැනගෙන හිටියා - වෙල්ගම

පාස්කු ඉරිදා එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව අනතුරු හැඟවීම් තමන් ද ඇතුළුව පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාටම ලැබී තිබුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
කෙසේවෙතත් මෙහි වගකීම ආරක්ෂක අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය භාරගත යුතු බවයි ඒ මහතා සඳහන් කළේ.

"ත්‍රස්තවාදී ප්‍රහාරයට වගකියන්න ඕනෙ මේ රටේ ආරක්ෂක ඇමති. ඒ එක්කම අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයත් මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ, හැබැයි 225ම දැනගෙනත් හිටියා. මාත් දැනගෙන හිටියා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ ඊයේ (22) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන 225ම දැනගෙන හිටියා. මාත් දැනගෙන හිටියා - වෙල්ගම

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×