Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

රවී සජිත් ගේ අම්ම-අප්පා මතක් කර බනී.[Video]

අගමැති ධුරය දැරීම සඳහා සුදුසුකම් සහිත එක්සත් ජාතික පක්ෂය තුළ සිටින එකම නායකයා වත්මන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් යැයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති එජාප උප නායක රවී කරුණානායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයෙන්ම වෙනත් අගමැතිවරයෙක් පත් කිරීමට සූදානමක් ඇති බවට පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කළ ප්‍රශ්න කිරීමේදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයා ලෙස කටයුතු කරද්දී වෙනත් කෙනෙකු පක්ෂ නායකයා ලෙස මතු කිරීම හුවා දක්වන්නේ නම් ඉදිරියේදී ඊට විරුද්දව කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

‘අම්මලා තාත්තලාගේ නම් විකුණල පක්ෂය ඉදිරියට ගෙන යන්න බෑ. අපට තියෙන්නේ ප්‍රතිපත්තියක් වෙනුවෙන් දේශපාලනය කරනවා මිසක් මූණ බලලා තමන්ගේ ආසනේවත් දිනන්න බැරි අය ලංකාවට පෙන්නන්න හදනවා දිනන්න පුළුවන් කියලා. එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ පුම්බන ගමනක් නෙවෙයි තියෙන්නේ. සෘජුව කියන්න කැමතියි අපි නිහඬව සිටින්නේ දුර්වලතා නිසා නොවෙයි’ යයිද ඇමතිවරයා කියා සිටියේය.
-lankasinhalanews



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

රවී සජිත් ගේ අම්ම-අප්පා මතක් කර බනී.[Video]

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×