Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

"උතුරේ සිටින්නේ 14000ක පමණ හමුදා පිරිසක් පමණයි" - යාපනය ආඥාපති

උතුරේ දෙමළ දේශපාලනඥයින් යාපනයේ ලක්ෂයකට වැඩි හමුදා භට පිරිසක් සිටින බව කියා සිටියත් යාපනයේ සිටින්නේ දාහතර දහසක පමණ හමුදා පිරිසක් යයි යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

සේනාංකාධිපතිවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ ජෙනරාල්වරයා කියා සිටියේ උතුරේ යුද සමයේදීවත් හමුදා භටයින් ලක්ෂයක් නොසිටි බවයි.

දැනට යාපනයේ  51,52 හා 55 යන සේනාංක යටතේ ස්ථාන ගත කොට සිටින හමුදා සේනාංක යාපනයේ ආරක්ෂාවට ප්‍රමාණවත් බවත් මෙම සංඛ්‍යාව අඩු කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

දැනට යාපනයේ සිටින හමුදා භට පිරිස් වලින් ආරක්ෂාව සැලසෙනවාට වඩා විශාල සේවාවක් යාපනයේ දෙමළ ජනතාවට ලැබෙන බවද දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

යාපනයේ හදිසි ගිණි නිවිමේ කටයුතු,කෝවිල් උත්සව,පොදු ස්ථාන සුද්ධ පවිත්‍ර කිරීම,ශ්‍රමදාන,උත්සව සංවිධානය,නිවාසඉදි කිරීම ,පැලසිටුවීම ඇතුළු කාර්යයන් විශාල ප්‍රමාණයකට යුද හමුදා නිලධාරීන් සම්බන්ධ වන බව පවසන ජෙනරාල්වරයා මේ හේතුව නිසා යාපනයේ දෙමළ ජනතාව හා යුද හමුදාව අතර හොද අවබෝධයකින් යුතු සහසම්බන්ධයක් ගොඩ නැගී ඇති බවද මේ සාකච්ඡාවේදී  කියා සිටියේය.

(දිනසේන රතුගමගේ)



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

"උතුරේ සිටින්නේ 14000ක පමණ හමුදා පිරිසක් පමණයි" - යාපනය ආඥාපති

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×