Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

රිදියගම සෆාරි උද්‍යානයට පැමිණි වන අලියා අල්ලා ගැනේ - Update

සෆාරි උද්‍යානයට වන අලියෙකු පැමිණ ඇති බවට සත්ව උද්‍යාන දෙපාතමේන්තුවෙන් කළ දැනුම් දීමකට අනුව උඩවලව මවුආර, ලුණුගම්වෙහෙර හම්බන්තොට වනජීවී කාර්යාලයේ සහ උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය කණ්ඩායමක් එක්ව වන අලියා ඇල්ලීමේ මෙහෙයුම ඊයේ (24) පෙරවරුවේ දියත් කළේය.

සෆාරි උද්‍යානයේ සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයක් තුළට පිවිස සිටි මෙම වන අලියා දින එකහමාරක පමණ මෙහෙයුමකින් පසුව අල්ලා ගැනීමට හැකිවූ අතර පසුව අල්ලාගත් වන අලියා රක්ෂිත ප්‍රදේශයකට මුදා හැරීම සඳහා රැගෙන යන ලදී.

රිදියගම සෆාරි උද්‍යානය සඳහා අක්කර 500 ක පමණ භුමි ප්‍රමාණයක් වෙන්කර ඇති අතර මේ වන විට ඉන් අක්කර 190 ක් සංවර්ධනය කර පවත්වාගෙන යනු ලබයි. එතුළ වන අලින් සඳහා අක්කර 54ක භූමියක් වෙන්කර ජනතාවට නැරඹීම සඳහා අලින් 03 දෙනෙකු රඳවා තිබේ. මේ අතර එම කලාපය පුළුල් කිරීම සඳහා තවත් අක්කර 54 ක භූමි ප්‍රමාණයක් සංවර්ධන කරමින් පවතින අතර එහි දොරටුවක් කඩාගෙන මෙම වන අලියා සෆාරි උද්‍යානයේ සංවර්ධනය කරමින් පවතින ප්‍රදේශයට ඇතුළු වී ඇති බවයි රිදියගම සෆාරි උද්‍යානය භාර ජාතික සත්ව උද්‍යාන භාර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක සමරසේකර මහතා කියා සිටියේ.

වන අලියා ඇතුළු වීමෙන් සෆාරි උද්‍යානයේ කිසිදු කටයුතක් සඳහා බාධා ඇති නොවූ බවත් ආරක්ෂක තත්ත්වයන් ගැන සලකා බලා වන අලියා ඉවත් කිරීමට කටයුතු යෙදූ බවත් සහකාර අධ්‍යක්ෂක සමරසේකර මහතා කියා සිටියේය.

රාහුල් සමන්ත හෙට්ටිඅරච්ච්චි - හම්බන්තොට

සබැඳි පුවත්:

රිදියගම සෆාරි උද්‍යානයේ අලි කලබලයක්



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

රිදියගම සෆාරි උද්‍යානයට පැමිණි වන අලියා අල්ලා ගැනේ - Update

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×