Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

IPL වෙන්දේසියේදී එපා වූ මාලිංගට පුහුණු උපදේශක තනතුරක්

මාලිංග පසුගිය වසර දක්වා මුම්බායි කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ අතර එහෙත් මෙවර ඔහුව වෙන්දේසිය සඳහා නිදහස් කිරීමට මුම්බායි බළධාරීන් තීරණය කළේය. ඒ අනුව ඔහු වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ අතර එහෙත් කිසිදු කණ්ඩායමක් හෝ මාලිංග මිලදී ගැනීමට ඉදිරිපත් නොවීය.
 
මහේල යටතේ හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රොබින් සිං පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ෂේන් බොන්ඩ් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හා ජේම්ස් පෙමන්ට් පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
 
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානයද අහිමව සිටින ලසිත් මාලිංග මේ වනවිට 34 හැවිරිදි වියේ පසුවේ. ඔහු මුම්බායි කණ්ඩායම වෙනුවෙන් තරග 110 කට ක්‍රීඩා කළ අතර ඔහු IPL ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා ද වේ.
 
මුම්බායි ඉන්දියන්ස් හිමිකරු ආකාශ් අම්බානි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ සිය කණ්ඩායමේ තරුණ වේගපන්දු යවන්නන්ට මාලිංගගෙන් බොහෝ දේ උගත හැකි බවයි. මාලිංග - බොන්ඩ් සුසංයෝගය යටතේ පන්දු යැවීමෙන් මුම්බායි කණ්ඩායමට ඉහළ දක්ෂතා දැක්වීමට හැකිවනු ඇති බවට ඔහු විශ්වාසය පළකරයි.
 
ලසිත් මාලිංග පවසන්නේ රටින් පිටත තමන්ගේ නිවහන වැනි වූ මුම්බායි කණ්ඩායමට පුහුණුකරුවෙකු ලෙස හෝ නැවත එක්වීමට ලැබීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි. මීට පෙර දශකයකට ආසන්න කාලයක් පමණ ක්‍රීඩකයෙකු ලෙස තමන් ඉතා සතුටින් මුම්බායි කණ්ඩායම හා එක්ව කටයුතු කළ බවත් දැන් නව පරිච්ඡේදයක් ආරම්භ වී ඇති බවත් මාලිංග පවසයි.
 
UN


This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

IPL වෙන්දේසියේදී එපා වූ මාලිංගට පුහුණු උපදේශක තනතුරක්

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×