Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ලබන වසර අවසානයේදී එජාප ජනාධිපතිවරයෙක් (VIDEO)

ලබන වසර අවසානයේදී එජාප ජනාධිපතිවරයෙක් (VIDEO)

ලබන වසර අවසානයේදී  එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත් කර රටේ දැවැන්ත සංවර්ධනයක් ගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ ගිරිබාව ප්‍රදේශයේ ජන රැළියක් අමතමිනි.

එහිදී  අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“තමුන්නාන්සේලාට සතුටු වෙන්න පුළුවන්, තමුන්නාන්සේලාට අපිට ශක්තිය දීලා අපිව පාර්ලිමේන්තු යවලා ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් අපිට මේ විශාල වැඩ කොටස කරන්න පුළුවන්. බලන්න ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීම මත කොච්චර පාරවල්වලට ඇවිල්ලා තියෙනවද කියලා. අපේ ඉස්කෝලවලට එනවා, පාරවල්වලට එනවා, කොච්චර වැඩ එනවද? මේ අවුරුදු දෙක හමාරට. අපි පාවිච්චි කරන ජනාධිපති ධූරයත් අපේ නෙවෙයි. අර මට මගේ නොවන මගේම ආදරයක් තිබ්බා කිව්වා වගේ තමයි. ආදරය මොකක් වෙලාද මන්දා අනාදරය වෙලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා අපේ නෙවෙයි.”

“ආණ්ඩුවෙත් අපේ කෑල්ලයි තියෙන්නේ ජාතික ආණ්ඩුව නිසා. යට කොටසත් අපේ නෙවෙයි. පළාත් සභාත් අපේ නෙවෙයි, ප්‍රාදේශීය සභාත් අපේ නෙවෙයි. ඒ නිසා අපි මෙතන ඉඳලා ලෑස්ති වෙන්න මේ මැතිවරණය දිනලා මාස කිහිපයක් යනකොට පළාත් සභා මැතිවරණයත් තියලා පළාත් සභා ටිකත් අපි ගන්නවා. ඊට පස්සේ එන අවුරුද්දේ අන්තිම වෙද්දී අපේම පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත් කරලා අපි දැවැන්ත සංවර්ධනයක් මේ රටේ ගෙනියනවා. ඒකට ගැම්ම ගන්නේ මේ පළාත් පාලන මැතිවරණයෙන්. මේක දිනන්න පුළුවන් කිසිම සැකයක් නැහැ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එම වීඩියෝව පහතින්,



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ලබන වසර අවසානයේදී එජාප ජනාධිපතිවරයෙක් (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×