Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

"2020 තනි ආණ්ඩුවෙත් ජනපති මෛත්‍රී" - ශ්‍රීලනිප මහ ලේකම් කියයි

2020 වසර වන තුරුත් මේ වත්මන් ආණ්ඩුව රැගෙන යන බවටත් 2020 න් පසුව ඇරඹෙන ජනාධිපතිවරණයෙන් පසුව තනි ආණ්ඩුවක් යටතේද ජනාධිපතිවන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (04) රාත්‍රියේ වව්නියාව ඇටඹගස්කඩ ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“අපේ මේ රට සමරණ 70 වැනි නිදහස් දිනයේදී ඓතිහාසික සිදුවීම් දෙකක් සිදු වුනා ඒ ලොකුම සොරකම වුන බැදුම්කර ගනුදෙනුවේ ප්‍රධානියා වෙච්චි අර්ජුන් ඇලෝසියස් හා පසුගිය ආණ්ඩුවේ මිග් යානා ගනුදෙනුවේ ප්‍රධානියෙකු වූ රැසියාවේ හිටපු තානාපති වූ උදයංග වීරතුංග අත්අඩංගුවට අරන් තියනවා. මේ හොරුන් ගැන අපේ වත්මන් ජනාධිපතිතුමන් කියපු දේවල් දැන් දැන් ඈත් වීගෙන යනවා. එහෙනම් 2020 වෙනකම් ජනාධිපති මේ ජනාධිපතිතුමන්ම තමයි. ඒ වගේම 2020 වන තුරු අපි ජාතික ආණ්ඩුවේ ඉන්නවා. පසුව 2020 දී අපි හදන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් එකේදී ඔය කවුරු කොහොම කොතනක මොනව කිව්වත් නැවත වතාවක් ජනාධිපති පුටුවේ වාඩි කරවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තය කියන එක අපි කියනවා.ඒ නිසා ඔබ සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අත්වැල් බැඳගන්න.”

(වන්නි රොමේෂ් මධුෂංඛ)



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

"2020 තනි ආණ්ඩුවෙත් ජනපති මෛත්‍රී" - ශ්‍රීලනිප මහ ලේකම් කියයි

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×