Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

දුම්රිය පා පුවරුවේ ගිය පිරිසක් ලොරියක ගැටේ - 4ක් මරුට (PHOTOS)

කොළඹ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක පා පුවරුවේ ගමන් ගත් පිරිසක් අද පස්වරුවේ ලුනාව පාලන අසල නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිවු දෙනෙකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව අඟුලාන පොලිසිය කියයි.

දුම්රියේ ගමන් ගත් තරුණයකුගේ පිටේ එල්ලා ගෙන සිටි බෑගයක් ලොරියේ පැටලීමෙන් ඔහු දුම්රියෙන් ඉවතට ඇදී යාමත් සමඟ පා පුවරුවේ එල්ලී සිටි සෙසු පිරිස ද ලොරියේ ගැටී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් තරුණයන් තිදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර එක් අයකු රෝහල වෙත රැගෙන යන අතරතුර මියගොස් ඇත.

තිදෙනකුගේ මළ සිරුර කළුබෝවිල රෝහලේ ද අනෙක් තැනැත්තාගේ මළ සිරුර ලූනාව රෝහලේ ද තැන්පත් කර ඇති බව ද පොලිසිය කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ  දුම්රියට පිටුපසින් ඇති මැදිරියේ වන අතර එම අවස්ථාවේ මගීන් විශාල පිරිසක් එහි පාපුවරුවේ ගමන් ගනිමින් සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. 

දුම්රිය ලූනාව පාලම ආසන්නයට ළඟා වෙමින් තිබිය දී පාලම ආසන්නයේ  ලොරියක් නවත්වා තිබී ඇති අතර එම ස්ථානයේ මාර්ගය සහ දුම්රිය මාර්ගය ඉතා පටු හේතුවෙන් දුම්රිය මාර්ගයේ ගමන් ගත් පිරිස එකවරම ලොරියේ ගැටුණු බවට සිද්ධිය ඇසින් දුටුවෝ පොලිසියට ප‍්‍රකාශ කර ඇත.

සිද්ධියෙන් පසු තුවාලකරුවන් තරුණයන් ගැටුණු ලොරියෙන්ම  කළුබෝවිල රෝහල වෙත රැගෙන ගොස් තිබුණි. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන එක් පුද්ගලයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගිය පිරිස මෙතෙක් හඳුනා ගෙන නොමැත.

මෙම ස්ථානයේ මාර්ගය පටු වීම නිසා අනතුරු රැසක්ම සිදු වුවද බලධාරීන් ඊට කිසිදු පියවරක් ගෙන නොමැති බවට ජනතාව චෝදනා කරති.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

දුම්රිය පා පුවරුවේ ගිය පිරිසක් ලොරියක ගැටේ - 4ක් මරුට (PHOTOS)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×