Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

31,000කට ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය

විදේශ රටවල පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා විශාල වශයෙන් ඉදිරිපත් වන බවත් 2015 මාර්තු මාසයේ සිට මේ දක්වා 31,000කට ද්විත්ව පුරවැසිභාවය ලබා දී ඇතැයි ආගමන විගමන පාලක ජනරාල් එම්. නිහාල් රණසිංහ මහතා පවසයි.

මේ රටේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා එක්අයෙකු රුපියල් ලක්ෂ 03ක මුදලක් ද ඔහුගේ බිරිඳ හා ළමයින් සඳහා එක් අයෙකුට රුපියල් 50,000බැගින් ගාස්තු ගෙවිය යුතු වේ.

ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම්පත් විශාල සංඛ්‍යාවක් තම දෙපාර්තමේන්තුවට ලැබෙමින් පවතින බවත් ඒවා පරීක්ෂණයට ලක් කොට සුදුස්සන්ට පුරවැසිභාවය ලබා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කඩිනමින් කටයුතු කර ගෙන යන බවත් රණසිංහ මහතා පවසා ඇත.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

31,000කට ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×