Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

අගමැති බැඳුම්කර කොමිසමට එයි (VIDEO)

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොමතකට පෙර පැමිණියේය.

අගමැතිවරයා කැඳවිය යුතු බවට කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් ඉකුත් 02 වැනිදා කොමිසම හමුවේ කළ විශේෂ ප්‍රකාශයක්‌ අනුව අගමැතිවරයා අද කොමිසම හමුවේ සාක්‍ෂි දීමට කැඳවා ඇත.

අගමැතිවරයාගෙන් මෙහිදී නීතිපතිවරයා විසින් ප්‍රශ්න කිරීමට නියමිතය.

බැදුම්කර ගණුදෙනුවට අදාලව ලිඛිත ප්‍රශ්නාවලියක් කොමිසම විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර තිබිණි.

ඒ අනුව එම ප්‍රශ්නාවලියට ද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු යවා ඇති අතර මෙම පිළිතුරු සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙලෙස බැදුම්කර කොමිසමට කැඳවා ඇති බව වාර්තා වේ.

එම වීඩියෝව පහතින්,



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

අගමැති බැඳුම්කර කොමිසමට එයි (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×