Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

නාමල්ගේ Name Card එක කීත් නොයාර්ගේ පර්ස් එකේ තිබිලා

 
කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් ඔහුට දරුණු ලෙස පහර දුන් පිරිස ඔහුගේ මුදල් පසුම්බිය සෝදිසි කිරීමේ දී එවකට ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ පාඨමාලා සම්බන්ධීකාරකවරයාව සිටි මාධ්‍යවේදී නාමල් පෙරේරා මහතාගේ නම් කාඩ්පතක් හමු වී ඇති අතර ඉන් පසුව නාමල් පෙරේරා මහතා පිළිබඳව කීත් නොයාර්ගෙන් ප්‍රශ්න කර තිබේ. තමන්ව පැහැරගෙන ගොස් පහරදීම පිළිබඳව කීත් නොයාර් මහතා විසින් පොලීසියට කළ පැමිණිල්ලෙහිද මෙම කාඩ්පත පිළිබඳව ඔහු සඳහන් කර ඇත.  2008 මැයි මාසයේ කීත් නොයාර් පැහැරගැනීමට ලක් වූ අතර 2008 ජුනි මාසයේ දී නාමල් පෙරේරා පැහැර ගැනීමට ලක් වීය. 
 
දැනට උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් සහ නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන්ට සිදු කෙරුණු පහරදීම් පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණ වල දී පසුගිය රාජපක්ෂ භීෂණ යුගයේ මාධ්‍යවේදීන් පැහැර ගැනීමට, පහර දීමට, ඝාතන කිරීමට යොදවා තිබුණු හමුදා බුද්ධි අංශ කල්ලියක් පිළිබඳව තොරතුරු හෙළිදරව් වී ඇති අතර එය ක්‍රියාත්මක කෙරී ඇත්තේ එවකට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ යටතේ බවද හෙළිදරව් වී තිබේ. 


This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

නාමල්ගේ Name Card එක කීත් නොයාර්ගේ පර්ස් එකේ තිබිලා

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×