Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

YFM කාර්ය මණ්ඩලයේ හා ශ්‍රාවක ඔබේ අවධානය පිණිසයි

ඔන්න දැන් ටික කාලෙක ඉඳලා ඇඩ්වර්ටයිස් කරගෙන යනවා "වයි එෆ් එම් රිලැක්ස් පාර්ටි" මේකෙ ඇත්තටම රිලැක්ස් වෙන්න පුලුවන්ද? ඔන්න ඕක තමයි ලොකුම ප්‍රශ්නෙ. මේ එන්න කියන්නෙත් මේ අවුරුද්දෙ ඒ ලෙවල් ලියපු අපේ අලුත්ම තරුණ පරම්පරාවට. එහෙම එන්න කියන්නෙ වගකීමක් ඇතුවද? කොහෙත්ම නෑ. හැමදාම රිලැක්ස් කියලා ඔතනට එන්නෙ බීගෙන කුඩු , ගන්ජා පාවිච්චි කරලා මත් වෙලා ඉන්න අමු රස්තියාදුකාර කණ්ඩායමක්. ඔතනට ගෑණු ලමයෙක්ට යන්න පුලුවන්ද? ඒ උනාට කියන්නෙ කොහොමද? එන්න එන්න අපි අරවා දෙනවා මේවා දෙනවා කියලා. වයි එෆ් එම් ඔය සෙල්ලන් දාන්නෙ ආදරේට නෙමෙයි එයාලට ඕන තරම් අනුග්‍රාහකයො ඉන්නවා ඔය අලුතෙන්ම එලියට බහින කොල්ලො කෙල්ලො ටික අල්ලගන්න බලාගෙන තමුන්ගෙ ව්‍යාපාර වලට. ඒ නිසා මේ වගේ දේකට සල්ලි වලින් නම් කිසිම අඩුවක් වෙන්නෙ නෑ. ඒ නිසා කිසි බයක් නැතුව හැම අවුරුද්දෙම සන්විධානය කරනවා. නමුත් මේ කියන්නෙ "වයි එෆ් එම් "" ඔබට! සන්විධානය කරාට කමක් නෑ තරුණ ජීවිත විනාසයට ඇදලා දාන්නෙ නැතුව පොඩ්ඩක් ඔය ඇතුලට එන අය දිහා බලන්න. බල්ලයි කොල්ලයි ඔක්කොම ඇතුලට දාගන්නෙ නැතුව. මාධ්‍ය ආයතනයක්නෙ කොන්දක් තියෙනවනෙ කියන්න බීලා එන්න එපා අපි එහෙම අයව ගන්නෙ නෑ කියලා. මට නම් කිසිම වෙලාවක එහෙම එකක් ඇහුනෙ වත් නෑ. වයි එෆ් එම් තරුණෑ සලකුණක් "යූත් අයිකන්" එකක් වෙලා ඉවරයි. ඒක ඇත්ත නමුත් ඒ අයිකන් එක උනත් රටට වැරදි දෙයක් දෙන්න හදනවා නම් ඒක වැරදියිම තමයි. දෙන්න රටට හොඳ දෙයක්  හැමදාම මිනිස්සු ඔයාලා ලඟම ඉඳීවී.

වයි එෆ් එම් කාර්ය මණ්ඩලයේ අවධානය පිණිසයි.......


This post first appeared on Mathaka Sithuwili, please read the originial post: here

Share the post

YFM කාර්ය මණ්ඩලයේ හා ශ්‍රාවක ඔබේ අවධානය පිණිසයි

×

Subscribe to Mathaka Sithuwili

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×