Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ප්‍රශ්න මුකුත් නෑ SLIC BEST OPTION - October 2018




ගාන පොඩියි බය වෙන්න එපා කියලා කිව්වත්
වාහනෙ හදනකොට තෙරුනා දැන් No option
තිබ්බ විදිහටම හදලා දෙනවා කියලා කිව්වත්
Approve ගානට හදා ගන්න බෑ කොහොමටවත්
වෙන වෙන තැන් වල දාපු නිසා මම Insurance
මොනව කරන්නද කන්න උනා මට හොද කට්ටක්
හරි තැනම insure කරානම් නොගෙන වෙන option
ප්‍රශ්න මුකුත් නෑ SLIC BEST OPTION

------------------


මීට අවුරුදු 8 කට කලින් විතර ගයාන් පෙරේරාගෙ (Daddy) බොරුකාරි කියන සිංදුවේ තනුව ට කරපු වචන ටිකක් ලගකදි ඉදලා ඇහෙනවා රේඩියෝවෙ. විනාඩියක් විතර දිගයි මේක. අර බොරුකාරි සින්දුවෙ ගයාන්ට වුනා වගේ අසාධාරණයක් ගැන තමයි මේකෙත් කියන්නෙ. මේකෙනම් කෙල්ලෙක් බූට් එකෙක් තියලා නෑ නමුත් කෙල්ලෙක්ට වඩා සමහරු ආදරය කරන තමන්ගෙ වාහනේ ගැන තමයි කියන්නෙ. වාහනෙ අයිතිකාරයටනම් ලොකු අසාධාරණයක් වෙලා තියෙනව. මෙයා වාහනෙට වෙච්ච අනතුරක් නිසා සිද්දවෙච්ච අලාබහානිය හදාගන්න ගිහින් එකට කොම්පැනියෙන් වෙච්ච අසාධාරණ සිද්දි මාලාවක්ම මෙකෙන් කියවෙනවා..

හොදට අහගෙන උන්නොත් වාහනයක් තියෙන කෙනෙක්ට ඉන්සුවරන්ස් කොම්පැනියකින් වෙන්න පුලුවන් හැම අසාදාරනයක්ම මේ විනාඩියට කියන්වා. පපුවට පිහියෙන් අනිනවා වගෙ ඇහුනම. අපිටත් එහෙම වෙයිද කියල හිතෙනවා වෙලාවට මේක නිතර නිතර ඇහෙනකොට. ඒතරම් මේක මේ දවස් වල media  වල ප්ලේ වෙනවා. ( ඒක හොදයි daddy ගෙ එක යන්නෙත් නෑනෙ දැන් වැඩිය ) 

මේකෙ TV Ad එකත් හරිම සිම්පල්. Animated back එකක් එක්ක වැඩිය අරුමෝසම් නැති එකක්. හැබැයි අර ඉස්සෙල්ලා කියපු කරදර ඔක්කොම මේකෙ පිලිවෙලකට පෙන්නනවා. 

සමහර competitors ලා ටත් නොකියා ගහන විදිහකුත් නැතිවම නෙමෙ. ඒක මම කියන්න ඕන නෑ. බලන ඕන කෙනෙක්ට තේරෙනවා.. 

මෙච්චර කාලයක් Sri Lanka Insurance Company LTD කියලා කිපු ආයතනයට දැන් මේ ඇඩ් එකෙ කියන්නෙ Slic කියන අකුරු හතර. අනික් හැම කොම්පැනියම වගේ දැන් මේකටත් මීට පස්සෙ කියන්නෙ වෙන්නෙ ඔය අකුරු හතර...

මේ ඇඩ් එක කරපු Agency එක මට මට හොයා ගන්න බැරි උනා. නමුත් පපුවට දැනෙන්න වැඩේ කරලා තියෙනවා කියලා හිතෙනවා.

මේ දවස් වල වාහන පදින අයිති ගොඩක් අයගෙ ඉන්සුවරන්ස් එක කල්පිරෙන කාලෙ. ඉතින් ඔය කොම්පැනි වලින් reneval  එක ගැන කතා කරන කාලෙ මේක. කාලානුරූපව මේ Ad එක මෙහෙම හැමතැනම Play වෙන කොට වාහන අයිති අයට SLIC මතක් වෙනවාට කිසිම සැකයක් නෑ..


තිලි - 19.10.2018







This post first appeared on අරුම පුදුම Marketing-(Marketing, please read the originial post: here

Share the post

ප්‍රශ්න මුකුත් නෑ SLIC BEST OPTION - October 2018

×

Subscribe to අරුම පුදුම Marketing-(marketing

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×