Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

නීති විරෝධි විදේශ රැකියා ජාවාරම්කරුවන් 204ක් හඳුනාගනී

2018 වසරේ ජනවාරි සිට
සැප්තැම්බර් දක්වා නීති

විරෝධී විදේශ රැකියා ජාවාරම් සම්බන්ධ වැටලීම් 204ක්
කර එම පාර්ශ්වයන්ට එරෙහිව නඩු පවරා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් නීති විරෝධී විදේශ රැකියා ජාවාරම්කරුවන් 56 දෙනකු  අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත. රැකියා සදහා ගොස් විවිධ ගැටලුවලට මුහුණදී විදේශ රටවල සුරක්ෂා නිවාසවල රැදී සිටි ශ්‍රමිකයන් 889 දෙනකු මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ කාලයේදී විදේශ සේවා නියුක්ති කාර්ගයාශයේ සහ එකී රටවල තානාපති කඵයාලවල මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වා ගෙන තිබේ.

තවත් 220 දෙනකු විදේශ රටවල සුරක්ෂා නිවාසවල රැදී සිටින බවත් එම පිරිස් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.


-ඕ.කමලනාථ-


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

නීති විරෝධි විදේශ රැකියා ජාවාරම්කරුවන් 204ක් හඳුනාගනී

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×