Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ආණ්ඩුවෙන් ගිය 16 කණ්ඩායමෙන් 03කට ඇමතිකම්..රහස් සැලසුමක්..(EXCLUSIVE)

ඉකුත් දා ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් තිදෙනකුට ඉදිරි ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී කැබිනට්‌ ඇමැති ධුර ලබා දී යළි එක්‌කර ගැනීමට ආණ්‌ඩුවේ සිටින එම පක්‍ෂයේ පිරිසක්‌ රහසිගත සැලසුමක නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම තිදෙනා හිටපු රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් වන බවද වාර්තා වෙයි. මේ පිළිබඳව ආණ්‌ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්‌ඩායම නියෝජනය කරන හිටපු නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතාගෙන් දිවයින පුවත්පත කළ විමසීමකදී කියා සිටියේ තම කණ්‌ඩායම පෙනී සිටියේ එකම අරමුණක්‌ වෙනුවෙන් බවත් යළිත් වත්මන් අගමැති යටතේ ආණ්‌ඩුවවට කිසිවකුට එක්‌විය නොහැකි බවත්ය.

එසේම දැනට ආණ්‌ඩුවේ ඇමැති ධුර දරන කිහිප දෙනකුම ඉදිරියේදී ඇමැතිධුර අතහැර තම කණ්‌ඩායම සමගම ස්‌ථීරව විපක්‌ෂයට එක්‌වන බවද හෙතෙම කියා සිටියේය.


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

ආණ්ඩුවෙන් ගිය 16 කණ්ඩායමෙන් 03කට ඇමතිකම්..රහස් සැලසුමක්..(EXCLUSIVE)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×