Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

දැනෙන වෙනසක් කරන්න සූදානම් - ජනපති,රාජපක්ෂවරුන්ට බලය දීම බරපතළයි -JVP,මහින්ද චින්තනයට ජනතාව නැවත අනුමැතිය දුන්නා - මහින්ද රාජපක්ෂ,ජාතික ආණ්ඩුව 2020 දක්වා ගෙනයනවා - අගමැති,

රාජපක්ෂවරුන්ට බලය දීම බරපතළයි - ජනතා විමුක්ති පෙරමුණ

කිසිදා ජවිපෙ මන්ත්‍රීවරයෙක් නොසිටි ප්‍රදේශවලට ජවිපෙ මන්ත්‍රීවරුන් පත්කර ගැනීමට ජනතාව කටයුතු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඊයේ (11) එම පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා පැවසුවේ මේ මැතිවරණයේදී ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීමට ජනතාව කටයුතු කර ඇති බවයි. එසේම අත්තනෝමතික සහ භීෂණකාරී පාලනයක් ගෙන ගිය රාජපක්ෂවරුන්ට නැවත බලය ලැබීම බරපතළ තත්ත්වයක් බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

මහින්ද චින්තනයට ජනතාව නැවත අනුමැතිය දුන්නා - මහින්ද රාජපක්ෂ

ආණ්ඩුවේ අත්තනෝමතික පාලනය ප්‍රතික්ෂේප කළ ජනතාව, මහින්ද චින්තනයට අනුමැතිය ලබාදී ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෝඩ් ලෑල්ලකට සීමා විය යුතු නැති බවත්, ඊට ආණ්ඩු බලය ලබාගැනීමට කිසිදු බාධාවක් නැති බවත් ඔහු සඳහන් කළේය. අගමැති ධුරය සම්බන්ධයෙන් කළ විමසීමකදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ඊට පිළිතුරක් දීමට තවමත් කල් වැඩි බවත්, කිසිවකට හදිසි විය යුතු නැති බවත් ය.

ජාතික ආණ්ඩුව 2020 දක්වා ගෙනයනවා - අගමැති

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ වර්තමාන ජාතික ආණ්ඩුව 2020 දක්වා පවත්වාගෙන යාමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ජනාධිපති සමග ඊයේ (11) පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් පසුව අදහස් දක්වමින් අගමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ මේ පිළිබදව ආණ්ඩුවේ සියලු පාර්ශ්වයන් දැනුවත් කරන බවයි.

රටට දැනෙන වෙනසක් කරන්න සූදානම් - ජනපති

ඉදිරි සති කිහිපය තුළදී රටට දැනෙන වෙනසක් කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබේ.
ඊයේ (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් සමග ජනාධිපති නිලනිවසේ පැවැති සාකච්ඡාවකදී මෙසේ පවසා ඇති ජනාධිපතිවරයා, පළාත්පාලන මැතිවරණයේදී ලැබුණු ජනවරමට ගරු කරමින් ආණ්ඩුවේ ඉදිරි කටයුතු සිදු කරන බවද අවධාරණය කර ඇත.

Give රාජපක්ෂවරුන්ට බලය දීම බරපතළයි - ජනතා විමුක්ති පෙරමුණ 1/5
Give රාජපක්ෂවරුන්ට බලය දීම බරපතළයි - ජනතා විමුක්ති පෙරමුණ 2/5
Give රාජපක්ෂවරුන්ට බලය දීම බරපතළයි - ජනතා විමුක්ති පෙරමුණ 3/5
Give රාජපක්ෂවරුන්ට බලය දීම බරපතළයි - ජනතා විමුක්ති පෙරමුණ 4/5
Give රාජපක්ෂවරුන්ට බලය දීම බරපතළයි - ජනතා විමුක්ති පෙරමුණ 5/5


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

දැනෙන වෙනසක් කරන්න සූදානම් - ජනපති,රාජපක්ෂවරුන්ට බලය දීම බරපතළයි -JVP,මහින්ද චින්තනයට ජනතාව නැවත අනුමැතිය දුන්නා - මහින්ද රාජපක්ෂ,ජාතික ආණ්ඩුව 2020 දක්වා ගෙනයනවා - අගමැති,

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×