Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

අවිස්සාවේල්ලේ සිට රත්නපුරයට රේල්පීලි නැති පාර දිගේ කෝච්චියෙන් යමු - PHOTOS

ඉංග්‍රීසින්ගේ ලංකා ආගමනය සමඟ මෙරට ලැබුණු දුම්රිය ප්‍රවාහන සේවය වර්තමානය වනවිට ප්‍රවාහන කටයුතු සඳහා නැතිවම බැරිවෙලා තියෙනවා. කෙසේ නමුත් අද වනවිට විවිධ හේතු නිසා එකල පැවති දුම්රිය මාර්ග කිහිපයක දුම්රිය ධාවන වන්නේ නැහැ. දුම්රිය මාර්ග සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා සඳහා භාවිතා කරන්න පටන් අරගෙන.

මේ වනවිට කැළණිවැලි මාර්ගය අවිස්සාවේල්ල දක්වා පමණක් පවතිනවා. නමුත් මීට වසර ගණනාවකට පෙර එම මාර්ගය අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වාම තිබිලා තියෙනවා. දැන් නම් මේ පාරේ රේල් පීල්ලක්වත් ඉතුරු වෙලා නැහැ. දුම්රිය මාර්ගය වාහන ධාවනය වන පාරක් වෙලා. රත්නපුර දුම්රිය ස්ථානය බස් නැවතුම්පලක් වෙලා.

මේ එම මාර්ගය ගැන කෙටි සටහනක්.

පුංචි කොච්චි ධාවනය වූ මාවත දිගේ රත්නපුරයේ සිට ප්ලාම් ගාර්ඩ්න්ස් දුම්රිය ස්ථාන දක්වා මංසලකුණු. රත්නපුර දුම්රිය ස්ථානය හා පැරණි දුම්රිය ධාවනාගාරය තිබූ ස්ථානය හා දුම්රිය ස්ථානය සිට කොළඹ දෙසට දුම්රිය මග අද අනවසර ඉදිකිරිම්වලට හසුවෙලා. පැරණි දුම්රිය මර්ගයේ ඉදිරියටම යන විට මුල්ම හරස් මග හමුවනවා. එයත් පසුකර තවත් මීටර් පන්සීයක් පමණ ගිය තැන කළු පාලම හමුවෙනවා. අතීතයේ පුංචි කෝචිචිවල බර දරාගනිමින් පතාක යෝධයෙක් ලෙස වැජබුණු මේ පාලම අද වාහන එගොඩ මෙගොඩ වනන්ට සාදා තිබෙනවා. 


කළු පාලම පහුකර දර්ශණීය වෙල් යායවල් මැදින් හා ගෙවල් පේලි පසු කර ඉස්සර පුංචි කෝචිචිය මේ මඟේ යන විට මොනතරම් ලස්සනක් තියෙන්න ඇද්ද. මෙම කලාපයේ දුම්රිය සාමාන්‍යධිකාරිවරයා යටතේ පාලනයවු ටෙලිග්‍රාෆ් කණුවක් ද දැකගත හැකියි. මෙවන් තවත් කණුවක් ඉතිරිව ඇති අතර ප්‍රදේශවාසීන් විසින් දුම්රිය මාර්ගයේ බොහෝ සලකුනු විනාශ කොට ඇතිබව දක්නට ලැබෙනවා.

එම මාර්ගයේ දැනට ඉතිරිව ඇති විශේෂ ස්ථාන කිහිපයක් පහතින්....
















 


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

අවිස්සාවේල්ලේ සිට රත්නපුරයට රේල්පීලි නැති පාර දිගේ කෝච්චියෙන් යමු - PHOTOS

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×